Colombo Today Local News

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න රණතුංග කියයි

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි.

ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින හිටපු පළාත් සභා මන්ත්‍රි සහන් ප්‍රදීප් විතාන මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

මම කියපු කාරණා 03ක්ම මේ වෙන කොට ඉටු වෙලා තියෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණු සන්ධානය ද මොකක්ද එක හදන කොට කිව්වා අපි තරග කරන්නේ පොහොට්ටුවෙන් විතරයි කියලා. මෛත්‍රිපාල සිරිසේන ඒ සන්ධානයේ සම නායකකම ඉල්ලන කොට කිවුවා අපිට සම නායකයෝ නෑ. අපිට ඉන්නේ එකම එක අසමසම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහතා පමණයි කියලා.

ඒ වගේ ම මම කිවුවා අපි මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඔය එක එක සන්ධාන වලින් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කියලා. මම ඒ කියපු හැම දෙයක්ම අද හරි ගිහින් තියෙනවා.

එදා 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාට පස්සේ මම කිවුවා මහින්ද මහත්තයාව මේ රටේ නැවත අගමැති කරලා මේ රටේ නායකත්වයට ගේන්න තමයි මගේ අපේක්ෂාව කියලා.

පහුගිය ආණ්ඩුව යටතේ අවස්ථා 2ක දි මහින්ද මහත්තයා මේ රටේ අගමැති කෙරුවා. එකක් මෛත්‍රීපාල සිරිසේන දින 52 ආණ්ඩුව යටතේ මහින්ද මහත්තයව අගමැති කළා. ඊළගට ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයව නැවත අගමැති කලා. හැබැයි මේ දෙකටම මම කැමති නෑ.

මොකද මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕනේ මේ රටේ මහජනතාවගේ බහුතර ඡන්ද ප්‍රතිඵලයෙන්. මේ රටේ ජනතාවගේ වැඩි ඡන්දයෙන් මහින්ද මහත්තයව රටේ අගමැතිධූරයට පත් කරන එක තමයි අපේ මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂාව වෙන්නේ. ඒ වෙනුවෙන් මේ වෙනකොටත් ජනතාව පෙළ ගැහිලා ඉවරයි.

Related posts

මෙන්ඩිස් අරක්කු සමාගමේ සම්පූර්ණ අයිතිය රවීට.. අමාත්‍යාංශ බලතල යොදා අනිකුත් සමාගම් කුඩුපට්ටම් කිරීම ඇරඹේ

colombotoday

බදියුදීන්ගේ මස්සිනා ලිංගික හිංසනයට ලක්කල තවත් කාන්තාවක් සාක්ෂි දෙයි

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. සංඝ පාතාලය ලෙස හඳුන්වයි.

colombotoday

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

colombotoday

වැලිකඩ – කොළඹ බන්ධනාගාර කිහිපයක් හොරණට.

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday