Colombo Today Local News

ඇල්බීසියා ලීයක් කැඩෙනකම් ගැහුවා.. හාමුදුරුවෝ වැන්ද ගහන්න එපා කියලා. | මසුන් මැරීම අකුසලයක් බව දෙසූ හිමිසඳ ඝාතනය කළ මොහොතේ මවක් දුටු සංවේදී සිදු වීම.

වැලිගම කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ තිත්තගල්ලේ දේවානන්ද හිමියන්ව මසුන් මැරීමේ ආදීනව කියා දුන් නිසා පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

උන් වහන්සේ මාළු අල්ලමින් සිටි අයෙකුට මසුන් මැරීම අකුසල රැස් කරන ක්‍රියාවක් බවට පහදා දීම නිසා උරණවූ එම පුද්ගලයා තවත් පිරිසක් සමග පැමිණ පහරදීම සිදු කළ බවයි හෙළිව ඇත්තේ.

ස්වාමින් වහන්සේ තමන්ට පහර නොදෙන ලෙස මැරයන්ට වැන්ද බවත් සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් සඳහන් කර තිබේ.

වැලිගම ගුරුබැබිල ශ‍්‍රී නාගමහා විහාරස්ථානයේ විහාරාධිපති වැලිගම ප‍්‍රාදේශීය සභාවේ මංත‍්‍රී සාම විනිසුරු පූජ්‍යපාද දෙනගම රාහුල නායක ස්වාමීන්වහන්සේ මෙසේ සඳහන් කළේය.

“මේ ගමේ ධීවර රැකියාව කරගෙන යන පිරිසක් නැහැ. ප‍්‍රදේශයේ එහෙම ලියාපදිංචි ධීවර සමිතියකුත් නැහැ. නමුත් කීප දෙනෙක් මේ විහාරස්ථානය ඉදිරිපස කොටසේ මාළු ඇල්ලීම සිදු කරන නිසා අපේ අපවත් වෙච්ච දේවානන්ද හාමුදුරුවන් මේ අයට විහාරස්ථානය ඉදිරිපස මෙවැනි අකුසල් සිදුවන දේවල් කරන්න එපා යි කියා කීප වතාවක් අවවාද කර තිබෙනවා.

මේ ගැන උන්වහන්සේ වැලිගම පොලිසියේ පැමිණිල්ලක් දමා දැනුවත් කිරීමක් ද කර තිබුණා. උන්වහන්සේ ගේ ඉල්ලීම වුණේ විහාරස්ථානය ඉදිරිපස මීටර් හතළිහක් විතර කොටස අතහැර ඉන් එහාට ගිහින් ඕන එකක් කරන්න කියලා.

හරියටම පහුගිය අපේ‍්‍රල් මස විසිනම වෙනිදා සවස හතරට පමණ තරුණයෙක් විහාරස්ථානය ඉදිරිපස මාළු ඇල්ලීම සිදු කරන අවස්ථාවේ උන්වහන්සේ ගිහින් එම තරුණයා ට අවවාදයක් කර තිබෙනවා මාළු ඇල්ලීමෙන් වළකින්නැයි කියා.

පසුව එම සිද්ධියෙන් අනතුරුව හැන්දෑවේ ඔහු ත‍්‍රිරෝද රථයක තවත් පස්දෙනෙකු දමාගෙන පැමිණ සංඝාවාසය තුළ සිටි දේවානන්ද හාමුදුරුවන් එළියට ඇදගෙන ගොස් ඉතාමත් අමානුෂික ලෙස පහරදීම් සිදු කර තිබෙනවා. ඉන්පසුව තමයි උන්වහන්සේ මාතර මහ රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරන්නෙ.

දවස් පහළොවක් ප‍්‍රතිකාර ලබන උන්වහන්සේ අපවත්වෙනවා. “

දේවානන්ද හිමියන් ට මැර පිරිස පහරදීම් සිදුකරන අවස්ථාවේ එය ඇසින් දුටු ඩබ්.කේ. වීරසිංහ මහත්මිය තමන් දුටු දේ ගැන විස්තර කළේ ඉතාමත් වේදනාවෙනුයි.

“ඒ සිද්ධිය වෙනකොට මම ගෙදර ගාව හිටියේ එතකොට අපේ දූ මට අඬගැහුව අම්මෙ ඉක්මනින් එන්න වැඩක් පෙන්නන කියලා. ඒ පාර මම යනකොට ඩිලාන් පන්සලේ ඇතුළේ හාමුදුරුවන්ට ගහල. හාමුදුරුවන් වැටිල හිටියා. මම ගිහින් කිවුව පව් වැඩ කරන්න එපැයි කියලා. එතන ඉන්න එක්කෙනකුට. එහෙම කිවුවම එයත් මට ගහන්න ආවා.

ඒ පාර මම එළියට ආවා.පස්සෙ උන් එකතු වෙලා හාමුදුරුවන් එළියට ඇදගෙන ආවා.ඇවිල්ල ඇල්බීසියා ලීයක් කැඩෙනකම් හාමුදුරුවන් ට ගැහුවා. කවුරුවත් බේරන්න ඉදිරිපත් වුණේ නැහැ බයට. ඒ පාර හාමුදුරුවන් එයාලට වැන්ද ගහන්න එපා කියලා.අපිට කරන්න කිසි දෙයක් නැහැ. හාමුදුරුවන්ගේ සිවුරත් තිබුණේ නැහැ.පස්සෙ තවත් දෙන්නෙක් ඇවිල්ලා ගහපු කෙනා ඇදගෙන යනවා අපි දැක්කා. ඔක්කොම පස් දෙනෙක් එතන හිටියා.

පස්සෙ වැටිලා හිටිය හාමුදුරුවන් ළඟට අපේ පුතා ගියා.අපි බෙඞ්ෂීට් එකක් දාලා හාමුදුරුවන් වැහුවා. පස්සෙ තමයි හාමුදුරුවන් ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ. “

Related posts

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday

කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානයෙන් බාධා.. ඇමතින් විදුර ගොලුයි

Admin

ෆොන්සේකාට හමුදාව භාර කිරීම ආලවක යක්‍ෂයාට රට භාර කිරීම වගෙයි.. මෛත්‍රීත් අනතුරේ !

colombotoday

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin