World

ලෙබනනයෙන් ඊශ්‍රායලයට ෂෙල් වෙඩි. ඊශ්‍රායලයත් කාලතුවක්කුවෙන් ප්‍රතිචාර දක්වයි. | ගැටුම් දුරදිග යන ලකුණු.

ඊයේ (17) දින ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලය දෙසට ෂෙල් වෙඩි හයක් එල්ල කළ බවත් ඊට ප්‍රතිචාර වශයෙන්, ප්‍රහාර එල්ල කල ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වන බව ඇසුණු බවත් එම ස්ථානය හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් ලෙබනන් ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. ඊශ්‍රායලය විසින් ලෙබනනයට ෂෙල් වෙඩි 22 ක් පමණ එල්ල කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු ලෙබනනයේ රෂා අල් ෆුකාර් අවට රොකට් ප්‍රහාරයක් අනාවරණය වී ඇති බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය පවසයි.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ද ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර තුනක් එල්ල කළ නමුත් ඒවා මධ්‍යධරණී මුහුදට වැටීම හේතුවෙන් කිසිදු හානියක් සිදු නොවීය.

Related posts

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

ජෝ බයිඩ්න් ෆයිසර් බයෝ-එන්-ටෙක් කොවිඩ් එන්නත ලබා ගනී

colombotoday

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

ඇමරිකාවේ මීළග තහනම පාකිස්ථානයට.. තවත් රටවල් ගණනාවක් පෝලිමේ !

colombotoday