Colombo Today Local News

සියළුම හමුදා අවි ගබඩා ආරක්ෂිත ප්‍රදේශවලට.. කොස්ගම කඳවුරත් ඉවතට !

kosgama blast

ජනාවාස ආශ්‍රිතව පිහිටි හමුදා අවි ගබඩා සියල්ල එම ප්‍රදේශවලින් ඉවත් කර ආරක්‍ෂිත ප්‍රදේශවල පිහිටුවීමට සැලසුම් කර තිබේ.

ඊට අදාළ කැබිනට්‌ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම කටයුතු ඉක්‌මනින් ආරම්භ කරන බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ය.

ඒ යටතේ දැනට ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි වේයන්ගොඩ අවි ගබඩාවද ඉවත් කර වෙනත් ස්‌ථානයක පිහිටු වන බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවසී ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී කොස්‌ගම සහ වේයන්ගොඩ ඇතුළු හමුදා අවි ගබඩා ඉවත් කර අනුරාධපුර ඔයාමඩුව සහ රඹෑව පලුගස්‌වැව ප්‍රදේශවල පිහිටුවීමට කළ සැලසුම් වත්මන් රජය විසින් ක්‍රියාත්මක නොකළ බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නැගූ චෝදනාව ප්‍රතික්‍ෂේප කරන බව පැවැසූ හෙට්‌ටිආරච්චි මහතා එවන් සැළසුමක්‌ ගැන තමාට දැන ගැනීමට තිබුණා නම් ඒ පිළිබඳව කරුණු සොයා බලා එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට තිබූ බවද අවධාරණය කළේය.

මේ අතර ඊයේ (07) රාත්‍රී කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා පැවසූවේ මෙම කඳවුර යළි සාලාවේ ඉදිනොකරන බවත් සුදුසු වෙනත් ස්ථානයකට ගෙන යන බවත්ය.

එහිදී දැන් කඳවුර ආරක්ෂිත ද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍ර‍ශ්නයට පිළිතුරු දුන් මේජර් ජනරාල්වරයා සඳහන් කළේ “නැහැ. මුළුමනින්ම ආරක්ෂිත නැහැ. අදත් සුළු පිපිරීම් කිහිපයක් සිදුවුණා.“ යන්නයි.

Related posts

රණවිරු දඩයමට එරෙහි රණවිරු පාගමන අම්බලන්තොටට

colombotoday

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

මන්ත්‍රීවරුන්ගේ රථගායට අය වැයෙන් පොල්ලක්… වාහන පර්මිට් අහෝසියි

colombotoday

“සෙනසුරාදා මඩකලපු යන සිංහලයට මුහුණ දෙන්න සුදානම් වන්න“ TNA මන්ත්‍රී සතාසිවම්

colombotoday

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් අද සිට වෙළෙඳපොළට.

colombotoday