Colombo Today Local News

“ගිනි නිවීමේ අභ්‍යාසයක් කරනකොට ගිනි ගත්ත කියල ආරංචියි” දිව පටලවමින් ආරක්ෂක ලේකම් අමුතු දෙයක් කියයි

kaunasena hettiaracchi pb

කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාවේ වූ දැවැන්ත පිපිරීමෙන් දෙදිනකට පසු ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා සිද්දිය පිළිබදව පළමු වරට අද මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා.

සිද්ධිය වන අවස්ථාවේ කදවුරේ උත්සවයක් පැවතියේදැයි මාධ්‍යවේදීන් අසද්දී ඒ පිළිබදව තමන් නොදන්නා බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා අදාල ගිනිගැනීම සිදුවන අවස්ථාවේ යම් විශේෂිත දෙයක් සිදුවෙමින් පැවති බවත්, ඒ පිළිබදව දැන්ම පැවසිය නොහැකි බවත් ප්‍රකාශ කළා.

ගින්න ඇතිවූ ආකරය පිළිබදව නිශ්චිත ප්‍රකාශයක් නොකළ ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දීමේදී යම් පීඩනයකට පත්ව සිටින බව දක්නට ලැබුණු අතර අදාල අවස්ථාවේදී කදවුරේ ගිනි නිවීමේ අභ්‍යාසයක් සිදුව ඇති බවද ප්‍රකාශ කළා.

ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ගින්නක් නොමැතිවත් ගිනි නිවීමේ අභ්‍යාස එහි නිතර සිදුවන බවත් ගිනි ගැනීමේ සිදු ඇත්තේ එවැනි අවස්ථාවකදී බවයි.

[fbvideo link=”https://www.facebook.com/322081884581806/videos/902941546495834/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

වාහන බද්දේ වාසිය ඉන්දියාවටයි..”අපේ කාර් ලංකාවේ ලාබයි” ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday

“ව්‍යවස්ථාව ෆෙඩරල් කළොත් මා දේශපාලනයෙන් යනවා.. සත්තයි“ අජිත් පී පෙරේරා

colombotoday

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin

පැය 9කට පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි

colombotoday