Colombo Today Local News

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

සබරගමුව, මධ්‍යම , දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ක වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අනාවැකියේ සඳහන් ය.

මේ අතර නැවත දැනුම් දෙනතුරු නිරිතදිග සහ ගිණිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ නිරිතදිග බෙංගාලබොක්ක මුහුදේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි.

මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඊසාන දෙසින් අන්දමන් මුහුද දෙසට ගමන් කර තවදුරටත් වර්ධනය වී මාර්තු 21 වැනිදා වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති ඇතැයි කාලගුණ නිවේදනයේ සඳහන් ය.

Related posts

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

colombotoday

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

“සහජීවනය ගැන අපට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ“ – අස්ගිරි මල්වතු මහා නාහිමිවරු අල් හුසේන්ට කියයි

colombotoday

සිංහල මව්වරුන් වඳ කළ මුස්ලිම් දොස්තර ඇමති රිෂාඩ්ගේ ගෝලයෙක් කියන බව ඇත්තක්ද?

colombotoday