Colombo Today Local News

සංස්කෘතික අරමුදලේ අරමුණුවලින් බැහැරව මුදල් වැය කරලා – රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක “එක රටක් එක නීතියක්” බලකායට කියයි.

පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ අරමුණු වලින් බැහැරව එහි මුදල් යෙදවීම හේතුවෙන් එම අරමුදලේ මූලික කාර්යයන් සඳහා අරමුදල් නොමැති බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් පසුගියදා ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මේ බව පැවසීය.

ජාතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීමේ දී අදාළ නීතී, සියලු ජනවර්ග වෙත සමව ක්‍රියාත්මක නොවීම පිළිබඳ පළාත් කිහිපයක මහජනතාව එම කාර්‍ය සාධක බලකාය වෙත තොරතුරු ලබා දී ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

“එක රටක් එක නීතියක්” සංකල්පය යථාර්ථයක් කර ගැනීම සඳහා ජනාධිපතිතුමා තැබූ පියවරට ප්‍රණාමය පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවත් මෙම කටයුතු සඳහා යෙදවීමට වෙන් කර තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළ රුපියල් මිලියන 25,000 ක් පසුගිය රජයේ විෂයභාර අමාත්‍යවරයා විසින් මූලික අරමුණින් බැහැරව යොදවා ඇති බව අනාවරණය කරන ලදී.

Related posts

අද විදුලි කප්පාදුව පැයකින් අඩු වෙයි

colombotoday

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

colombotoday

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

හඳුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්ඡා කිරීමට හිජාස් හිස්බුල්ලාගේ නීතිඥයන් අයුතු උත්සාහයක් දරලා

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

Video: ඥානසාර හිමියෝ විජිතපුර සටනට යති. නිතිය ක්‍රියාත්මක නැත්නම් අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

colombotoday