Colombo Today Local News

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය අවසන් කිරීමත් සමග අහෝසිවුණු පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) ඇතුළු කාරක සභා පනහ නැවත පිහිටුවීම සම්බන්ධ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම කමිටු අතුරින් ප්‍රධාන කමිටු කිහිපයක මුල් පුටු වෙනස් වනු ඇතැයි දැනගන්නට ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද විවෘත කෙරුණු අතර අහෝසිවී පැවති සියලුම පාර්ලිමේන්තු කමිටු මේ අනුව යළි පිහිටුවීමට අවස්ථාව සැලසෙන්නේය.

පාර්ලිමේන්තුවේ කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ තේරීම් කාරක සභාව (committee of selection ) විසිනි.

කතානායකවරයා විසින් එම තේරීම් කාරක සභාවද අද හෙටම පත් කෙරෙනු ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමග එහි කමිටු බොහොමයක් අහෝසිවී යෑම නිසා ඒවායේ එතෙක් ක්‍රියාත්මකවෙමින් පැවති වැදගත් විමර්ශන ගණනාවක් ඇණ හිටියේය.

කමිටු නැවත පිහිටුවීමෙන් පසු එම විමර්ශන එතැන් සිට යළි ආරම්භ කිරීමට හැකිවන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Related posts

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි

Admin

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Admin

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අපට හිරිහැර.. හින්දු සම්මේලනය ජනපති හමුවී කියයි

colombotoday