Colombo Today Local News

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අපට හිරිහැර.. හින්දු සම්මේලනය ජනපති හමුවී කියයි

07සමස්ථ ලංකා හින්දු සම්මේලනයේ නියෝජිත පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ 24 ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවි තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත්වල හින්දු ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන මුස්ලම් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී ක්‍රියා පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි හින්දු සම්මේලනයේ සභාපති එන්.අරූන් කාන්තන් මහත සදහන් කළේ.

මන්නාරම තිරුකේතීස්වරම් කෝවිලට අයත් ඉඩමක් කතෝලික සභාවේ මන්නාරම රදගුරු රායප්පු‍ ජෝශප් පූජකවරයාගේ අණ පරිදි ලුර්තු මාතාවගේ පල්ලිය විසින් ආක්‍රමණය කිරීම නිසා අර්බුධකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවත්, ගැටළුව සම්බන්ධයෙන් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා සහ හින්දු ආගමික කටයුතු ඇමතිවරයා ගෙන්වා කරුණු විමසන බවත් ඒ සදහා පිළියම් යොදන බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද අරුන් කාන්තන් මහතා පවසයි.

තිස් වසරත් පුරා බෙදුම්වාදය වපුරවමින් හින්දු සමාජය විනාශයට ඇද දැමූ රායප්පු ජෝශප් රදගුරුවරයා ප්‍රමුඛ ක්‍රිස්තියානී මූලධර්මවාදීන් යුද්ධයට මුවා වී උතුරු නැගෙනහිර හින්දු දමිළ සමාජය ක්‍රිස්තියානියට බිළිබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් හින්දූත්වය අහිමිවීමේ ඛේදවාචකයකට හින්දු සමාජය මුහුණ දී සිටින බවත්, ඒ පිළිබදව ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කර දුන් බවත් හින්දු සම්මේලනයේ සභාපතිවරයා පවසයි.

උතුරු නැගෙනහිරට බෙදුම්වාදී දේශපාලන විසදුම් හින්දු ජනතාවගේ ඉල්ලීම නොවන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ යුද්ධයෙන් විනාශ වී ගිය තම සමාජය නැවත ගොඩනගාගෙන, හින්දු සංස්කෘතිය රැකගෙන නිදහසේ ජීවත්වීමට බවත්, බෙදුම්වාදී විසදුම් අවශ්‍යවන්නේ ද්‍රවිඩ දේශපාලකයන්ට බවත් ඔවුන් මෙහෙයවන්නේ බටහිර තානාපති කාර්යාල සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බවත් තමන් ජනාධිපතිවරයාට අවධාරණය කළ බවද හින්දු සම්මේලනය පවසයි.

06

Related posts

චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Admin

හෙට පෙරහුරු මැතිවරණයක්

colombotoday

දියණියගේ රස නැති හොද්ද පුතු අජාසත්ත කරයි

colombotoday

ඇමතිකම රැකගන්න රවී නාහිමිවරුන්ට පූජා කල සුපිරි බඩු මෙන්න (PHOTO)

colombotoday

අද රන් මිල මෙන්න

Admin

වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී !

colombotoday