Colombo Today Local News

ශ්‍රීලනිප යේ නියෝජ්‍ය නායකකම ගෝඨාභයට ?

gotabhaya

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස පත්කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කම්කරු හා වෘත්තීය සබදතා අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

කොලොන්න ශ‍්‍රීලනිප බල මණ්ඩලය අමතමින් ඇමතිවරයා කියා සිටියේ එම පත්කිරීම ඉදිරියේදි සිදු කෙරෙනු ඇති බවත්, ඒ සදහා අවශ්‍ය පාර්ශව සමග මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්ය.

කෙසේ වෙතත් තමන් දේශපාලනය පැමිණීමට අකමැත්කත් නැති බව ගෝඨාභය රාපක්ෂ මහතා මින් පෙර සදහන් කර තිබූ අතර, එසේ දේශපාලනයට පිවිසෙන්නේ කුමන පක්ෂයකින්දැයි තමන් තීරණය කර නොමැති බවද සදහන් කර තිබුණා.

මේ අතර සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලය හීන කිරීම සදහා තවත් රාජපක්ෂවරයෙකු ශ්‍රීලනිප තනතුරකට පත් කිරීමට සූදානමක් ඇති බවයි.

Related posts

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

colombotoday

ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයි

colombotoday

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday

රනිල් සල්ලිවලට 113 හැදුවා – පාර්ලිමේන්තුව විසුරුවාහැරි හේතුව විමල් කියයි…

colombotoday

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

colombotoday

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

colombotoday