Colombo Today Local News

කඩු රැගෙන ආ කණ්ඩායමකගේ ප්‍රහාරයකින් සිව්දෙනෙක් රෝහලේ

යාපනය,කෝපායි සෙල්වපුරම් ප්‍රදේශයේදී සිදුවු පහරදීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව කෝපායි පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ, ඊයේ (30)දින යතුරුපැදිවලින් පැමිණි කණ්ඩායමක් සෙල්වපුරම් ප්‍රදේශයේ පිරිසක් වෙත කඩු රැගෙන විත් පහර දී වාහන කිහිපයකට ද හානි සිදුකොට ඇති බවය.

පෞද්ගලික කාරණාවක් අදාළ ගැටුමට හේතුවී ඇති බවට සැක පළ කරන අතර, සිදුවීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ අතක් කපා දමා ඇතැයි ද වාර්තා වේ.

තුවාල ලැබූවන් මේ වන විට යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය පවසයි.

අදාළ පහරදීමෙන් මෝටර් රථයකට හා ත්‍රීරෝද රථයකටද හානි සිදුවි ඇති අතර පහරදුන් කණ්ඩායම පළාගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

බන්ධනාගාර ගත රැදවියන් අපොස. සාමාන්‍ය පෙළ ඉහලින් සමත්.

colombotoday

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

colombotoday

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට

colombotoday

වෛරස් උණ රට පුරා.. මධ්‍යම පළාතේ මරණ 17 ක්

colombotoday

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday