Colombo Today Local News

වෛද්‍ය සභාවේ සැළසුමක් නැති තීරණ නිසා විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යපනය ලැබීමට යන සිසුන් පීඩාවට!

“වෛද්‍ය සභාවේ සැළසුමක් නැති තීරණ නිසා විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යපනය ලැබීමට යන සිසුන් පීඩාවට!.” යන මාතෘකාව යටතේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

අදාළ නිවේදනය…

විදේශ විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් තෝරා ගත් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සහතිකයක් (Eligibility Certificate) මෙතෙක් කලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලදී. එම මගින් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් තෝරාගත් විශ්ව විද්‍යාලය පිළිබදව හා එම වෛද්‍ය විද්‍යාලයේ තම අධ්‍යාපනය අවසාන කර මෙරටෙහි වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවට තහවුරු කෙරේ.මෙම ක්‍රමය හදුන්වා දී ඇත්තේ කාලය ධනය වැයකරමින් වෛද්‍ය උපාධිය සම්පූර්ණකල පසු තමන්ගේ අනාගතය පිළිබදව නිසි සුරක්ෂිතභාවයක් සිසුනට ලබාදීම සදහාය

එහෙත් 2021/06/26 දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීමක් පළකරමින් සදහන් කරන්නේ 2021 අප්‍රේල් 10 නිකුත් කරන ලද අංක 2222/69 දරණ ගැසට් පත්‍රය හේතුවෙන් එසේ සහතිකයක් ලබාදීම අනවශ්‍ය බවයි. එහෙත් 2021/6/30 දින වනවිටත් 2022 අධ්‍යයන වර්ෂය සදහා එසේ සහතිපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කර තිබුණි. එම අධ්‍යයන වර්ෂය සදහා විදේශ වෛද්‍ය විද්‍යාලවල ලියාපදිංචි වී සිටි සිසුන්ගෙන් පිරිසකට පමණක් එම සහතිකපත් නිකුත් කිරීමත් අනෙක් පිරිසට එම සහතිකපත් නිකුත් නොකිරීමත් නිසා ඔවුන්ට සිදුවී ඇත්තේ විශාල අසාධාරණයකි.

තවද අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත් වී මෙරට වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත්වීමට නොහැකි වූ සිසුන් විදේශ වෛද්‍ය විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා ගැනීම සදහා එම විදේශ වෛද්‍ය විද්‍යාලවල ලියාපදිංචි වනු ලබයි. එසේ ලියාපදිංචි වීම සිදුකරනුයේ බොහෝවිට එම විශ්වවිද්‍යාලවල දේශිය නියෝජිත ආයතන හරහාය. තමන්ට අධ්‍යාපනය ලැබීමට විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීමට පෙර එම විශ්ව විද්‍යාලය මෙරට වෛද්‍ය සභාව විසින් සහතික කර ඇති විශ්ව විද්‍යාලයක්ද යන්න එම සිසුන් තීරණය කරන්නේ වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ ඒ පිළිබදව ඇති විස්තර අනුවය. ගියවසරේ එම වෙබ් අඩවියේ සදහන්වූයේ විදේශ විශ්වවිද්‍යාලය වෛද්‍ය සභාව ඉදිරි වසර කිහිපය සදහා නිර්දේශ කර ඇති බවයි.

එහෙත් මෙම වසරේ එම ක්‍රමවේදය වෙනස් කරමින් Status නැමැති තීරයක් යටතේ විශ්ව විද්‍යලයේ තත්වය පිළිබදව සදහන් කර ඇත. එහිදී මෙරට සිසුන් විශාල පිරිසක් සෑම වසරකම වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා පිටත්ව යන රුසියානු වෛද්‍ය විද්‍යාල 02 ක් වන Peoples Friendship University හා Tver State Medical University පිළිබදව සදහන් කර ඇත්තේ Recommend to the minister on 2020/10/20 for derecognition following evaluation of the renewal application minimum Standards ලෙසය . ගිය වසරේදීද එම විශ්ව විද්‍යාල දෙක හා වෙනත් විශ්ව විද්‍යාල වෛද්‍ය සභාව විසින් සිය වෙබ් අඩිවියෙන් ඉවත්කල තිබුණද ඒ පිළිබදව සොයා බැලීමට පත්කල කමිටුවක් විසින් පෙන්වා දුන් කරුණු අනුව නැවතත් එම විශ්ව විද්‍යාල වෙබ් අඩවියට ඇතුලත් කිරීමට වෛද්‍ය සභාව කටයුතු කළේය.

මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධ්‍යයන වර්ෂයක් ආරම්භවීමට ආසන්න අවස්ථාවේදී මෙරට සිසුන් අපහසුතාවයට පත් කිරීම සදහා මෙසේ කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සංතෝෂම් ලබා දෙන අධික ගාස්තු අයකරනු ලබන විදේශ වෛද්‍ය විද්‍යාල ප්‍රවර්ධනය කිරීම සදහා වෛද්‍ය සභාව කටයුතු කරනවාද යන්න පිළිබදව අප සැක කරන අතර එම සැකය දුරු කලයුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන සාධාරණ පරීක්ෂණයක් මගිනි. ඒ සදහා වන ඉල්ලීමක් අප විසින් කරණු ලබයි

තවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමහර විදේශ වෛද්‍ය විද්‍යාල පිළිබදව සොයා බැලීම සිදු කරන්නේ 2015 වසරේ එම විශ්ව විද්‍යාලවල තිබුණු තත්වය මතය.

කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින් මෙරට විදේශ විශ්ව විද්‍යාලවල පාරිභෝගිකයින් වන මෙරට දෙමාපියන් හා සිසුන් අපහසුතාවයට පත් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නොසැළකිල්ල පිළිබදව කඩිනම් පරීක්ෂණයක් සිදුකොට 2022 වර්ෂයේ අධ්‍යයන වර්ෂය ආරම් කරන 2021 සැප්තැම්බර් මසට පෙර ඔහුන්ගේ ගැටලුවලට විසදුමක් ලබාදෙන ලෙසයි.

Related posts

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday

ඇවන්ගාඩ් මඩ ගහන්න “වම දකුණ” මාරුවූ පක්ෂ ලොක්කෙකුට මහාරාජාගෙන් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්!

colombotoday

මහර ගැටුම – වෙඩි වැදීමේන් මිය ගොස් ඇති රැදවියන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

ගෝඨාභය යන්නේ වැරදිපාරේ – දයාන් ජයතිලක

colombotoday

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

සූර්ය බල ශක්ති මත විදුලිය ලබා දීමට සෑම පංසලකටම රුපියල් ලක්ෂ තුන බැගින්

colombotoday