Covid 19

ඔක්සිජන් ටැංකි 17ක් ලබාගෙනත් කොවිඩ් මාරයා ගිලගත් රෝගියා

පුද්ගලයන් තිස්තුන්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (16)දින හඳුනාගත් බව ද එක් පුද්ගලගයෙක් මරණයට පත්ව ඇති බවත් තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණි පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම, පන්නගමුව, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ හැට නව හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොරෝනා ආසාදනය වී සතියක් පමණ කාලයක් තිස්සමහාරාම මූලික රෝහලෙහි ප්‍රතිකාර ලබා ඇත. එම කාලය තුළ ඔහුගේ ජීවිතය ​බේරා ගැනීමට රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩල දැඩි වෙහෙසක් ගත් අතර එම කාලය තුළ ඔහුට ඔක්සිජන් ටැංකි 17ක ප්‍රමාණයක ඔක්සිජන් ලබාදී තිබිණි.

පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමෙන් පසු ඔහු මියගොස් ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

ගතවූ පැය හතළිස් අටක කාලය තුළ හඳුනාගනු ලැබූ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් තිස්තුන්දෙනා හම්බන්තොට හා අගුණුකොළපැලැස්ස කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට මේ වන විට පියවර ගෙන තිබේ.

Related posts

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

කුරුවිට බන්ධනාගාරයෙන් කොවිඩ් රෝගීන් 64ක්

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday