Colombo Today Local News

ෆොන්සේකාට උන්හිටිතැන් අමතක වෙයි, යුදබිමේ විරුකම් පෑ රණවිරුවන්ට අටපාස් නැතිවුන් කියා නිගා කරයි

323027-sarath-fonseka

මැයි මස 3 වෙනිදා පාර්ලිමේන්තුව අමතා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ යුධ හමුදා ආරක්ෂක සමුහයේ සිටින්නේ අට පාස් නැති, කිසිඳු පුහුණුවීමක් නැති අය කියා, පහත් ලෙස ඇමතීම ගැන බලවත් විරෝධය හා කනගාටුව නොයෙක් අංශ වලින් අපට දැන ගන්නට ලැබී තිබේ.

හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය විසින් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින්, ඔහු එය සාධාරණීකරණය කිරීමට තැත් කලේ හිටපු ජනාධිපතිගේ සහයට සිටින නෙවිල් මහතාගේ අධ්‍යාපන සුදුසකම් පමණක් ගැන කතාකිරීමෙන්, මුළු බළකායේම සිටින නිලධාරීන් සහ කමාන්ඩෝ භටයන් සමස්තයක් වශයෙන් කිසිදු අධ්‍යාපනයක් නොලත් අය ලෙස පෙන්වා දීමෙන්ය.

මෙම විශේෂ ආරක්ෂක සමුහයේ අණදෙන නිලධාරී, කනල් මහේන්ද්‍ර ප්‍රනාන්දු යනු සන්නද්ධ බලකා රෙජිමේන්තුවට (ආමඩ් කෝ) අයත්, වසර 15ටත් අධික කාලයක් යුධ ක්‍රියාන්විතවල නිරතවූ, වීර වික්‍රම විභූෂණ, රණවීර පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම යනාදී යුධ බිමෙහි දැක්වූ වීරත්වය සඳහා විශිෂ්ට සම්මාන ලැබූ, හමුදා බුද්ධි අංශයේ අත්දැකීම් ඇති, ඉන්දියාව, ප්‍රංශය වැනි රටවලින් විශේෂ සමීප ආරක්ෂා පුහුණු ලැබූ නිලධාරියෙකි. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරා යුධ හමුදාවට බැඳුනු කැඩෙට් නිලධාරියෙකි. ඔහු යටතේ සිටින අනෙක් මේජර් වරුන්ද, උසස්පෙළ හදාරා කැඩෙට් නිලධාරීන් වශයෙන් යුධ හමුදාවට බැඳී ඇති අතර, ඔවුන්ද වසර 10ට අධික කාලයක් යුධබිමේහි ක්‍රියාන්විත වල සටන්කර, මෙරට හා විදේශ රටවලින් විශේෂ ආරක්ෂක පුහුණුවීම් ලැබූ, අත්දැකීම් සම්භාරයක් ඇති සුවිශේෂ නිලධාරින්ය. ඔවුන් යටතේ සිටින කමාන්ඩෝ භටයන්ද යුධබිමේ දස්කම් පෑ, වීරත්වයෙන් අතිවිශිෂ්ට සේවාවක් තම මාතෘභූමියට ඉටුකළ රණවිරුවන්ය. මෙවැනි දැනුම් සම්භාරයක් හා අත්දැකීම් වලින් පරිපුර්ණ රණවිරුවන්, සරත් ෆොන්සේකා විසින් අවමානයට හා අවතක්සේරුවට ලක් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස පෙන්විය හැක.

මීට පෙර ජනාධිපති ආරක්ෂක අංශය, පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් මෙහයවූ කාල වකවානු වලදී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිදුන් මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මියගිය අතර, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය එවැනිම ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලැබුවේය. නමුදු, යුධ හමුදාවට අයත් ජනාධිපති ආරක්ෂක සමුහයට අයත් මේම නිලධාරීන් හා භටයන් විසින්, යුද්ධය උත්සන්න කාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කිසිම උවදුරකට ලක් නොකර, ඔහුගේ ජීවිතය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර, තම යුතුකම ඉහලින්ම ඉටු කළේය. ඔවුන් විසින් මෙරට සංචාරයේ පැමිණි පාප් වහන්සේ, චාල්ස් කුමරු, තායිලන්ත කුමරිය, චීන, පකිස්තානු, පලස්තීන ජනාධිපතිවරුන්, ජපානයේ අග්‍රාමාත්‍ය, කටාර්හි එමීර්තුමා යනාදී නායකයන් රැසකගේ ප්‍රභූ ආරක්ෂාවද ලබාදී තිබේ.

තම ජීවිතය පරදුවට තබා, රට ජාතිය වෙනුවන් කැපවී, විශිෂ්ට සේවාවක් ඉටුකරන මෙවැනි වෘත්තීමය නිලධාරීන්ට හා භටයන්ට, යුධ හමුදාවේ හිටපු හමුදාපතිකෙනෙකු විසින්, පටු දේශපාලනික න්‍යායන් නිසා අපහාසයට හා උපහාසයට ලක් කිරීම ඉතා පහත් ක්‍රියාවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි. මේ සියල්ලටම වඩා පුදුම සහගතවන්නේ, ඔහු විසින් මෙසේ අවමානයට ලක් කරන නිලධාරීන් හා භටයන් යුධ හමුදාවේ සිටින විශිෂ්ටතම අය ලෙස තෝරා, ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කලේද එවකට යුධ හමුදාපතිව සිටි ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා විසින්මය.

– තිලිණ සමරසේන

Related posts

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

පරාක්‍රමබාහු රජුට එරෙහිව හම්බන්තොට සුගලා කැරළි ගැහුවා.. අද වෙන්නෙත් ඒකමයි – අගමැති

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

colombotoday