Colombo Today Local News

ආණ්ඩුව අනූ නමයෙන් බේරෙයි.. පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි

parliment

2016 මුදල් වර්ෂය සඳහා රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණ. ඒ, වැඩි ඡන්ද දෙකකිනි.

මෙම ඇස්තමේන්තුව සම්මත කර ගැනීමට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියා.

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 33ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 31කි.

ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට වඩා වැඩි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් සභාව තුල රැඳී සිටියහ.

ඒ අනුව අදාළ ඇස්තමේන්තුව පරාජය වීමේ අවධානමකට ලක්වූ අතර ඡන්ද විමසීම අතරතුර සභා ගර්භයෙන් පිටත සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පැමිණ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

මේ අතර පළමුවර ඡන්ද විමසීමේදී නැවත ගණනය අනුව පක්ෂ හා විපක්ෂව ඡන්ද 31 බැගින් ලැබී ඇති බව මූලාසනය නිවේදනය කරන ලදී. එ් අනුව නැවත වරක් එම ඡන්ද විමසූම පැවැත්වීමටත් මූලාසනය තීන්දු කළෙය.

 

Related posts

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

සුළු ඡන්ද ගැන සත්‍ය හා බැසිල්ගේ මිත්‍යාව…

colombotoday

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin