Colombo Today Local News

(VIDEO) හමුදා ආරක්ෂක බලඇණිය හිටපු සේනාධිනායකයාගේ දෙපා වැඳ සමුගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටි යුධ හමුදා සෙබළුන් ඊයේ දිනයේ සිට ඉන් ඉවත් කරනු ලැබීය.

එසේ ඉවත් කරනු ලැබූ ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් සමු ගත්තේ ඔහුට දණ ගසා වැඳ අවසර ගනිමිනි. හිටපු ජනපතිද ඔවුනගේ හිස් අතගා ආශිර්වාද කරනු ලැබීය.

බොහෝ සෙබළුන්ගේ දෑස් කඳුලින් පෙගී තිබෙනු පෙනින.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී මෙම සෙබළුන්ට ඔහු සේනාධිනායකයාද විය.

සේනාධිනායතයාට නිල ලෙස ආචාර කරනු මිස දණ නමා වැඳ අවසර ගත් ලක් ඉතිහාසයේ පළමු සෙබළ කණ්ඩායම මේ විය.

වීර වික‍්‍රමාන්විත සේනාධිපතියකුගේ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් වන මෙම සෙබළ පිරිසගේ සිත්ද මහින්ද මහතා විසින් සොරා ගන්නට ඇතැයි ෆේස්බුක් අඩවියේ ප‍්‍රතිචාරයක දැක්වින.

Related posts

මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට !

colombotoday

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

Admin

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමට අන්තරේ, පෙරටුගාමීන් ඇතුළු සංවිධාන වාසුදේව සමග එක්වේ

colombotoday

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin