Colombo Today Local News

දුක වාවනු බෑ.. අලුත් පරපුර මාධ්‍ය හමුවක.. ගුටි දුන් අයට සැළකුවාට ජනපතිගේ පලුවක් අරී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා ‘අලුත් පරපුර’ සංවිධානය විසින් හිරියාල කුඹුක්ගැටේ ප්‍ර‘දේශයේ පැවැත්වූ ‘මුලාවෙන් මිදෙමු’ වැඩසටහනට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට නායකත්වය දුන් වයඹ බළාත් සබා මන්ත්‍රී කමල් ඉන්දික මහතාට ජනාධිපතිවරයා විසින් හිරියාල ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය පිරිනැමීම සම්බන්ධයෙන් එම සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිය විරෝධය පළකර සිටියහ.

එහිදී අදහස් දැක්වූ රංජිත් කීර්ති තෙන්නකොන් මහතා

2015 ජනාධිපතිවරණය දුෂණය, රාජ්‍ය සම්පත් අවභාවිය, පවුල් පාලනය සහ භීෂණයට ඓරෙහිව ජනතා ප්‍ර‍තිපත්ති මත සිදු වූ ජනතා නැගිටීමක් මත බොහෝ දෙනා කියනවා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පොදු අපේකෂකයාට සහාය දුන්න බොහෝ දෙනෙකුට සිද්ධ වුනේ ගුටි කන්න. ඒ මැරකම් සිදු කරපු බොහෝ දෙනා දැන් එකා පිටිපස්සේ එකා බැගින් ආණ්ඩුවට එකතු වෙනවා.

වදුරඹ වේදිකා ගිණි තියපු මන්ත්‍රී අද නියෝජ්‍ය ඇමති. හම්බන්තොට ගහපු අය අද සංවිධායකලා. පුත්තලම, අක්කරේපත්තු, කුරුණෑගල, මහියංගන ගහපු අය මන්ත්‍රී, ආසන සංවිධායකලා. මේ ලැයිස්තුවට අලුතෙන්ම එකතු වුනේ අලුත් පරපුරට කුඹුක්කැටේ දී ගහපු හිරියාල පළාත් සභා චන්ඩියාට ආසන සංවිධායක ධූරයක් ලබාදීමයි. කුඹුක්කකැටේ ගහලා පැය තුනක් යනකල් කුරුණෑගලට ඇවිත් පොලිස් පැමිණිල්ලක් දාන්න බැරි වුණා.

ජනාධිපතිතුමා මුතුහෙට්ටිගමට ඇමතිකම් දුන්නේ වදුරඹ ගැන අමතක වෙලා නොවෙයි. හිරියාලේ චන්ඩියාට, පුත්තලමේ චන්ඩියාට, අක්කරේපත්තු චණ්ඩියාට, කාත්තන්කුඩි චන්ඩියාටත් වරදාන දෙන්නේ නොදැන හෝ අමතක වෙලා නොවෙයි. අපිට තියෙන ප්‍ර‍ශ්ණේ ඒකම තමයි.

අද යහපාලන ආණ්ඩුවට 2015 කිව්ව ප්‍ර‍තිපත්ති දේශපාලනය අමතක වෙලා බල දේශපාලනය වෙනුවෙන් ලැජ්ජා නැති දේශපාලනයට ප්‍ර‍විශ්ඨ වෙලා තියෙනවා. අපි එදා තිබුණ මර්ධනය එරෙහිව හඩ නැගුවා. ඒ මර්ධනය පරාජය කලා. අදත් ඒ ගැන දුකක් නෑ. එදා කළා වගේම අදත් මේ හොර නඩයට වරප්‍ර‍සාද ලබාදීමට අපි විරුද්ධයි.

මේ චන්ඩි, හොරු, මැරයෝ, දුෂිතයෝ තනතුරු ගන්න යහපාලන ආණ්ඩුවට පනින්නේ ඔවුන්ට විරුද්ධව තියෙන පැමිණිලි යට ගහන්නයි. මේ ආණ්ඩුවේ ඉන්න ඇමති හොරුන්ට විරුද්ධ පරීක්ෂණ නෑ. වදුරඹ ගිණි තියපු එකේ පරීක්ෂණ මන්දගාමීයි. දැන් ඒ මදිවාට කුඹුක්කැටේ ගහපු චන්ඩියාට ආසන සංවිධාකයකම් දෙනවා. ජනාධිපතිතුමාට අමතක වෙලා තවමත් අලුත් පරපුර එයා සංවිධායකකම් දෙන මිනිහට විරුද්ධව අතින් වියදම් කරගෙන ගිහින් නඩු කියනවා කියලා.

Related posts

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

රණවිරුවන් නිකරුණේ රස්තියාදුකරන සී අයි ඩී යට හිටපු හමුදාපතිගෙන් කනේ පහරක්

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

colombotoday