Colombo Today Local News

“ජාතික ආරක්ෂාව තර්ජණයකට ලක්වෙලාද දැන්ම කියන්න බෑ” – ආරක්ෂක ලේකම්

Karunasena-Hettiarachchi

හිටපු එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදා උතුරෙන් මරාගෙන මැරෙන කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය හමුවීම පිළිබඳව පැවැත්වෙන විමර්ශනයට අදාලව බව ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

අදාළ අත්අඩංගුවට ගැනීම් සිය විෂය පථයට අයත් නොවන නමුත් තමන් දැනුවත් කර තිබෙන ආකාරයට, චාවාකච්චේරියේදී හමුවුණු එම මරාගෙන මැරෙන කට්ටල පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය එම පරීක්ෂණ පදනම් කරගෙන ඉහත කී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.

ඇතැම් විපක්ෂ දේශපාලන නායකයන් චෝදනා කරන අන්දමට එල්ටීටීඊය යළි හිස එසවීමේ වාතාවරණයක් මතු වී තිබෙන්නේ දැයි කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, මේ අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

“මේ පරීක්ෂණය කරගෙන ගිහින්, ඒ වාර්තාවල් ඉදිරිපත් කරාට පස්සේ තමයි මේ පිළිබඳව අපිට ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ,”යැයි ඔහු පැවසීය.

හිටපු එල්ටීටීඊ නායකයකු වන රාම්, ඔහුගේ දෙවනියා වූ නගුලන් සහ නැගෙනහිර බුද්ධි අංශ නායකයකු වූ ටලයන් හෙවත් කලේඅරසන් පසුගිය දින කිහිපය තුල ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර තහවුරු කළේය.

ඔවුන්ට එරෙහි චෝදනා කවරක්ද යන්න පිළිබඳව තමන් දැනුවත් නැති බවත් පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වී ඇති බවක් මේ අත්අඩංගුවට ගැනීම් මගින් ගම්‍ය නොවන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි.

“ඒ වගේ තර්ජනයක් අපිට මේ වනවිට ඇතිවෙලා නෑ නමුත් එහෙම තත්වයක් තියෙනව නම් අපි ඒ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා.” යැයි පවසන ඔහු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වී ඇති බවක් මේ අත්අඩංගුවට ගැනීම් මගින් ගම්‍ය නොවන බව අවධාරණය කරයි.

හිටපු එල්ටීටීඊ නායක රාම් අත්අඩංගුවට ගනු ලැබුවේ සිවිල් ඇඳුමින් සැරසී, නිල නොවන වෑන් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් බව වාර්තාවල දැක්විණි.

එවැන්නක් තමන්ටද වාර්තා වී තිබෙන බව පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, පොලිස් නිලධාරීන් නිල ඇඳුම් රහිතව පැමිණි කිසිවෙකු අත්අඩංගුවට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් අවධාරණය කළේය.

“මේක සුදුසු තත්වයක් හැටියට අපි පිළිගන්නේ නෑ. නමුත් එවැනි දෙයක් වෙලා තියෙනවා නම් ඒවා ඉදිරියේදී නිවැරදි කරගැනීමට කටයුතු කළ යුතුයි,” ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසීය.

බීබීසී ඇසුරින්

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී‍ට නිකුත් කල සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin