Colombo Today Local News

“උතුරේ යෝජනා ගැන කලබල වෙන්න එපා.. රට බෙදන්න මම ඉඩදෙන්නෑ” – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

mithrepala 23

ලංකාව දෙකඩ කරන බවට හෝ උතුර – නැඟෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගන්නා බවට හෝ දේශපාලනඥයන් කරන කතා ගැන මේ රටේ ජනතාව කලබල නොවිය යුතු බවත්, රට දෙකඩ කිරීමට හෝ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍ය බිහිකිරීමට තමා ඇතුළු ආණ්‌ඩුව කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 දා) උදේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සඳහා පැවැති විශේෂ රැස්‌වීමකදී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ හෝ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම සඳහා කැප වන බවට තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය මේ දිනවල කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් නැඟුණ ප්‍රශ්නයකදී ය. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තව ඇත්තේ දවස්‌ කිහිපයක්‌ විතරයි. ඒ නිසා එම ඡන්දයට තරග කරන අය විවිධ ප්‍රකාශ කරනවා. මේවා අප ගණන් ගත යුතු නැහැ. එසේම උතුරු පළාත් සභාව තුළ දී උතුර – නැඟෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගැනීම සඳහා සම්මත කර ගත් යෝජනාව සම්බන්ධයෙනුත් අප කලබල විය යුතු නැහැ. තමන්ට පක්‍ෂපාත ඡන්ද තිබෙනවා නම් ‘ඕනෑම යෝජනාවක්‌’ සම්මත කර ගැනීමට පළාත් සභාවකට පුළුවන්. එහෙත් ඒ හැම එකක්‌ ම ක්‍රියාත්මක කරන්න බලයක්‌ නැහැ. යෝජනා පැත්තකට දමමු. පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් පනත් මොන තරම් තිබෙනවාද කවදාවත් ක්‍රියාත්මක නොවන. මට කියන්න තිබෙන්නේ මෙපමණයි. මේ රට කඩන්න, වෙනම රාජ්‍ය පිහිටුවන්න මා ඇතුළු ආණ්‌ඩුව කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

Related posts

වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලය

Admin

මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සමග විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

විහාරස්ථානයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

colombotoday

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය පැනවේ.

colombotoday