Colombo Today Local News

රසායනික පොහොර-කෘමිනාශකවල භාවිතයෙන් අහිතකර ‌බලපෑම් අධ්‍යයනයට බළකායක්

රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම පියවර ගෙන තිබේ.

මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියක් ඇතුලත මෙම බලකාය පිහිටුවීමට තීරණය කර තිබෙි.

රසායනික පොහොර හා කෘමිනාශක වර්ග භාවිත කර ගොවිතැන් කිරීමෙන් ගොවීන් වකුගඩු හා පිළිකා රෝගවලට ගොදුරු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් සමීක්ෂණ වාර්තා මඟින් සනාථ කර ඇතත් රසායනික පොහොර භාවිතාව ගොවීන්ගේ සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර නොතිබීම නිසා හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. හරිත කෘෂිකර්මය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශවලට විශාල වගකීමක් පැවැරෙන බවද අමාත්‍යවරයා කීය.

Related posts

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මනෝ, හකීම්, පාඨලී සජිත් සමග එක්වෙයි !

colombotoday

ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Video

colombotoday

කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයි

colombotoday

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday