Colombo Today Local News

“වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ”

රට තුළ චීන ප්‍රාන්තයක් ගොඩ නැගීමට ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට බලයක් දී නැතැයි, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු නායකවරයා මෙම අදහස් පළ කළේ,වරාය නගර පනත පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවේ, වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.

තවද එවැනි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා වෙනුවට ආණ්ඩුව බලහත්කාරය, විවිධ වර්ගයේ වංචාවන් උපයෝගී කර ගනිමින් සිටින බව ද ඔහු පැවසී ය.

දින 5ක නිවාඩු කාලයක් ඉලක්ක කර මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ඊට එරෙහිව අධිකරණය හමුවට යාමට ඇති ඉඩකඩ අහුරුවා ලීමේ අරමුණින් බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අද උදෑසන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දිසානායක මහතා අදහස් පළ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් තර්ජන එල්ල කිරීමේ තත්ත්තවයට ජනාධිපතිවරයා ගමන් කර තිබේ නම්, සාමන්‍ය පුරවැසියෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකයක් මතු නොවන්නේ දැයි ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේ ය.

විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට සිය ප්‍රතිචාරය දැක්වීමට ජනාධිපතිවරයාට වේදිකා ගණනාවක් තිබෙන බව ද දිසානායක මහතා සිහිපත් කර සිටියේ ය.

ඔහු අවධාරණය කළේ, ආණ්ඩුවට එරෙහි විවේචන චෝදනා සම්බන්ධයෙන් බියවැද්දීමෙන් යටපත්කිරීමට දරන උත්සාහය ආණ්ඩුව නතර කළ යුතුව ඇති බවයි.

Related posts

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

colombotoday

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin

සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් රිමාන්ඩ්… රංගිරි දඹුල්ල ජාතික පාසලේ හර්තාලයක් !

colombotoday

වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.

colombotoday

දූෂකයා බේරාගන්න හැදූ කාන්තා කටයුතු ඇමතිණියව විනිසුරු ඉලංචේලියන් විවේචනය කරයි !

colombotoday

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday