Colombo Today Local News

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ද සහය ඇතිව කැබිනට් මණ්ඩලය නොමග යවමින් කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක රැපියල් මිලියන 3,639 ක කොන්ත්‍රාත්තුවක් සිය සමාගමට ගෙන ඇති බවට චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

ගමගේ මහතාට අයත් ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම නැමැති සමාගකට එය ගෙන ඇති බවද පැවසේ.

කෙසේවුවද, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‍ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවේ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් සමාගම ඉන්දීයා රාණි කන්ස්ට්‍රක්ෂන් සමාගමේ ඒකාබද්ධ සමාගමක් බවට පෙන්වා ඇතත් එහි නියම හිමිකරු ගමගේ මහතා බවට චෝදනා එල්ලව පවතී.

දයා ගෲප් හා ඔලිම්පස් ක්‍රන්ස්ට්‍රක්ෂන් නැමැති ආයතන දෙකම “362, කොළඹ පාර, පැපිලියාන, බොරලැස්ගමුව” යන එකම ලිපිනය ලබාදී තිබූ අවස්ථා ද මේවන විට හෙළිව ඇතැයි පැවසේ.

කෙසේවුවද, ඔලිම්පස් ක්‍රන්ස්ට්‍රක්ෂන් සමාගමේ ලිපිනය ලෙස මේවන විට ලබාදී ඇත්තේ නො: 445 1/2, කොළඹ පාර, පැපිලියාන, බොරලැස්ගමුව යන ලිපිනයයි.

Doc 001

ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම ලෙස නම වෙනස්ව ඇත්තේ දයා කන්ස්ට්‍රක්ෂන් ලෙස පවත්වාගෙන ආ ආයතනය බවට ද චෝදනා එල්ලවී ඇති අතර අදාළ වෙනස සිදුකර ඇත්තේ යහ පාලන ආණ්ඩුව ආරම්භවීමෙන් පසුව 2015 දී බවද පැවසේ.

මෙම ව්‍යාපෘතිය සදහා වැට් නොගෙවීමේ පහසුකමද ලැබී ඇති බව වාර්තා වේ.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් මගින් වාර්තා කර ඇත්තේ මෙවැණි ව්‍යාපෘතීන් 18ක් දැනටමත් දයා ගමගේ මහතා විසින් ලබාගෙන ඇති බවත්, ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවයි.

Related posts

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

colombotoday

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

ළමා අපයෝජනයකට සම්බන්ධ පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

colombotoday