Colombo Today Local News

ඉන්දියානු ගිලන් රථ සේවය පළමු පියවර තබයි.. අපි දිනුවා කියා ඇමති හර්ෂ හඩාවැටෙයි !

ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක කරන ගිලන් රථ සේවය සදහා බදවාගත් තාක්ෂණ නිලධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අප්‍රේල් 08 දා අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

150කගෙන් යුත් එම පිරිස ඉන්දියාවේ හයිද්‍රාබාද්හීදී පුහුණුවක් ලබා දීමට නියමිතයි. එහිදී හැඩුම්බරව අදහස් දක්වමින් හර්ෂද සිල්වා අමාත්‍යවරයා සදහන් කළේ බොහෝ බාධක මැද රට වෙනුවෙන් දුටු සිහිනයක මුල් අදියර සාර්ථක කර ගැනීමට හැකි වූ බවය.

මෙම ගිලන්රථ සේවාව වසරක පමණ කාලයක් නොමිලේ ශ්‍රී ලාංකිකයන්ට සේවය ලබා දෙන අතර ඉන්පසු සේවාව ලබාදෙන ආකාරය පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නැත. මෙයට විරෝධය පළකරන සෞඛ්‍ය වෘත්තිකයන් ප්‍රකාශ කරන්නේ වසරකින් පසු මෙම ගිලන්රථ සේවාවේ සම්පූර්ණ බර රජයට දැරීමට සිදුවනු ඇති බවයි.

ඉන්දීය සෞඛ්‍ය සේවය ලංකාවට සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක පවතිද්දී මෙතරම් මුදලක් වැය කර ඉන්දියාව විසින් ලංකාවට ගිලන් රථ සේවාවක් ලබා දීම පිළිබදව බරපතල සැක මතුවන බවද මේ පිටුපස ඉන්දීය රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් සිදුවිය හැකි බවද රජයේ වෛද්‍යවරුන්ගේ සංමය ඇතුළු වෘත්තීය සංවිධාන ප්‍රකාශ කර තිබුණා.

[fbvideo link=”https://www.facebook.com/harshadesilvaunp/videos/777978995665414/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවන්න කියයි

colombotoday

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය කවදාවත් එන්නෙ නෑ… එහාට – මෙහාට වැනෙනව විතරයි

colombotoday

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

colombotoday