Colombo Today Local NewsHot News

උතුරු පළාතෙන් සිංහලයන් පන්නා දැමීමේ අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න!

ethanic mascare ct445

උතුරු පළාතේ එකම සිංහල ප්‍රාදේශීය සභාව වන වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට අයත් බෝගස්වැව සිංහල ගම්මානය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් උතුරු පළාතෙන් ඉවත් කර උතුරු මැද පළාත හා සම්බන්ධ කර තිබෙනවා. ඒ අනුව උතුරු පළාතේ සිංහල ජන අනුපාතයට තීරණාත්මක බලපෑමක් කරමින් 5% මට්ටමටත් වඩා අඩු වන බවයි විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටින්නේ.

පසුගිය වසරේ අගෝස්තු 23 වනදා නිකුත්කෙරුනු මෙම ගැසට් පත්‍රයට අනුව එළබෙන පළමුවනදා සිට මෙම වෙනස්වීම් ක්‍රියාත්මක වන බවයි සැළලිහිනිගම රාජමහා විහාරාධිපති තණමල්විල පියනන්ද හිමි සදහන් කර සිටියේ. මෙම ගැසට් පත්‍රය පිලිබදව කිසිවකුත් දැනුවත්ව නොසිටි බවත් උන්වහන්සේ සදහන් කර සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, ” අනේකවිද ගැහැට විදිමින් අපේ හාමුදුරුවරුත්, අපේ මිනිස්සුත් බෝගස්වැව ජීවත්වුණේ උතුරේ අපේ උරුමය ආරක්ෂා කරගැනීමේ උවමනාව මතයි. අපි උතුරෙන් එලවනවානම් බෝගස්වැව පවුල් 3500 ට කොළඹ ඉඩම් ඕනි.” යනුවෙන් සදහන් කර සිටියා.

පසුගියදා බොදු බල සේනා ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබදව අදහස් දැක්වූ නාමල්ගම රජමහා විහාරාධිපති හිමි සදහන් කර සිටියේ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඇතුළු TNA මන්ත්‍රීවරු උතුරේ සිංහලයන් පලවාහැර යුද්දෙන් කරගැනීමට නොහැකිවූ ස්වයංපාලනය ලබාගැනීමට අවශ්‍ය වටපිටාව සුදානම් කරගන්නා බවයි.

2015 අගෝස්තු 21 ගැසට් පත්‍රය

ea6fd7b12745d2337be66d3401e5cb303a33b7642292fd7126c48776777e1f0e

ඇමති ස්වාමිනාදන් නිකුත්කළ ලිපිය

f86de351aa7b18c395d72baa21be3089c69c2552ca50452c09c7f9a591fc1d7f

 

 

 

Related posts

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday

බැදුම්කර වාර්තාවේ හංගපු නම් ටික එළියට….

colombotoday

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

colombotoday

මහ සයුරේ කොටි බල සුනු විසුණු කල “බඹර ධේනුව” ඩෝරා

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ත්‍රිකුණාමලයේදී රැස්වෙයි…

colombotoday

විනිමය අනුපාතිකය පාලනයට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වන්නේ නැහැ – ආචාර්ය නන්දලාල් වීරසිංහ

Admin