Colombo Today Local News

“හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව දීම නීති විරෝධීයි.. ඒ වරද අපි නිවැරදි කළා” – ආරක්ෂක ලේකම්

karunasena hettiaracchi

මෙතරම් කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යුද හමුදා ආරක්ෂකයන් 103 දෙනෙකු ලබා දී ඇත්තේ නීතියට පිටින් බවත්, එය වරදක් බැවින් එම වරද දැන් නිවැරදි කරන බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද 07 පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘‘හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායද ඇතුළුව පොලිසියේ 103 දෙනෙකු හා යුද හමුදාවේ 103 දෙනකු යොදවා තිබුණා. හදිසි නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක යුද හමුදාව ලබා දීමේ නීතිමය හැකියාවක් නැහැ. මීට මාස ගණනකට පෙර ආරක්ෂක මණ්ඩලයේ දී ඒ බව මතුවූ මතුවුණා. ඒ අනුව යුද හමුදාවේ සාමාජිකයන් වෙනුවට ඒ හා සමානව විශේෂ කාර්ය බළකාය ඇතුළුව පොලිසියේ සාමාජිකයන් ලබා දෙන්න තීන්දු වුණා. මෙතෙක් පැවති වරද දැන් නිවැරදි කරනවා.‘‘

වත්මන් ජනපතිවරයාට හෝ අගමැතිවරයාටවත් හමුදා ආරක්ෂාව ලබා දී නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක බලඇණියෙන් ක්‍රමානුකූලව යුද හමුදාව ඉවත් කර ඒ වෙනුවට විශේෂ කාර්ය බළකාය හා පොලීසිය යොදවන බවත්, ආරක්ෂාවේ අඩු කිරීමක් නොකරද බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

Related posts

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

colombotoday

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

colombotoday

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday

ගම්මන්පිලගේ නඩුවේ සාක්ෂි බිදවැටේ.. බොරු කියූ බව ඕස්ට්‍රේලියානු සාක්ෂිකරු පිළිගනී

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday