Colombo Today Local News

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

රජය සහල් මාෆියාවට ඉඩදී කරවල සදහා පාලන මිලක් ඇති කර තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රජය සහල් මාෆියාවට ඉඩදී කරවල සදහා පාලන මිලක් ඇති කළා. පොල් කරවල හා පරිප්පු සමග පාරිභෝගිකයා කන්නේ මොනවාද?

අප රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. බහුතරයක් වූ ජනතාව බත් සමග වෙනත් එළවලු හා මාලු මස් හෝ කරවල පරිභෝජනය කරනු ලබයි. එහෙත් මෑතක සිට හාල් හා පොල් ගිණි ගණන්ය.

එම නිසා රජය විසින් 2017-12-06 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පොල් පරිප්පු හා සලයා කරවල හා කට්ට කරවල සදහා පාලන මිලක් ඇති කළේය. එහෙත් සහල් සදහා පාලන මිලක් පැනවූයේ නැත.

රටේ බහුතරයක් ජනතාවගේ ප්‍රධාන ආහාරය සකසා ගන්නා සහල් සදහා පාලන මිලක් පැනවූයේ නැත්තේ ඇයිද? යන්න අපට විශාල ගැටලුවකි. මන්ද යත් පරිප්පු සාලයා කරවල හා කට්ට කරවල සමග කන්නේ පාන්ද නැතිනම් පිට්ටුද යන්නත් හාල් සදහා පාලන මිලක් අය නොකළේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද යන්නත් අප රජයෙන්  ප්‍රශ්ණ කරමු.

බහුතරයක් පාරිභෝගිකයින්ගේ ප්‍රධාන ආහාරය වන සහල් සදහා පාලන මිලක් අය නොකරන්නේ නම් අපට සිහිවන්නේ  වීර මද්දුම බණ්ඩාර තම සහෝදරයා ඝාතනය කිරීමට වදකයා පැමිණෙන විට සහෝදරයා බේරා ගැනීම සදහා මද්දුම බණ්ඩාර ඉදිරිපත් වූ ආකාරයයි. ඒ අනුව අපට කීමට ඇත්තේ මළයන්ඩිය බිය නොවන්න සහල් සහල් මිලට මම අත නොතියමි යන නූතන වාක්‍යයට පන ලැබී ඇති බවයි.

මේවන විට මීට පෙර නිකුත් කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා පනවන ලද පාලන මිල  ක්‍රියාත්මක නොවන පරිසරයක තවත් භාණ්ඩ සදහා පාලන මිල පැනවීම හාස්‍ය ජනක වන්නේ මෙම පාලන මිල  ක්‍රියාත්මක කරන පාරිභෝගික අධිකාරියේ සුදුසුම් නොමැති පූර්ණ කාලීන සමාජිකයෙක් වන නිමත්ඩීන් නැමැති පුද්ගලයා තවමත් සිටිනා බැවිනි.

ජනාධිපතිතුමනි ගැසට්පත් මුද්‍රණය කිරීමෙන් පාරිභෝගිකයින්ගේ බඩ පිරෙන්නේ නැත. අවශ්‍ය වන්නේ එම ගැසට්පත් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා වැඩ පිළිවෙලක් සෑදීමය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 

Related posts

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

“LTTE ය පටන්ගත්ත විදියටම එන්නයි හදන්නේ.. ඒක කාටවත් නැ කියන්න බෑ” – පොලිස්පති

colombotoday