Covid 19

හැටන් දික්ඔය මුලික රෝහලේ 15 ක් නිරෝධායනයට.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු රෝහල තුළම ස්වයං නිරෝධානයට යොමු කළ බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍යය ජේ.අරුල් මහතා පැවසිය.

හැටන් ප්‍රදේශයේ පදිංචි රෝගියකු එකෝ පරික්ෂණයක් සදහා රෝහලට පැමිණ ඇති අතර, පසුව එම රෝගියාව ගිලන් රථයක් මගින් මහනුවර ශික්ෂණ රෝහල වෙත තවත් රෝගීයකු සමග යොමු කිරිමෙන් පසු මහනුවර ශික්ෂණ රෝහලේ දි එම රෝගියාගේ සිදු කළ පි.සි.ආර් පරික්ෂණය අනුව එකෝ පරික්ෂණ වාර්තාවක් ලබා ගැනිමට පැමිණ සිටි රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

එම රෝගීයාගේ ළගම ආශ්‍රිතයන් වු දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

මේ අතර අසාදිතයාගේ හැටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ පවුලේ සාමාජිකයන් ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කෙරිණි.

Related posts

වාර්තා අලුත් කරමින් ඊයේ කොරෝනා මරණ සංඛ්‍යාව 160 යි

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.

colombotoday

වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

කොරෝනා අස්සේ දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට

colombotoday