Colombo Today Local News

රන් බඩු කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට

යතුරු පැදියක යමින් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ හිටපු යුධ හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය මාලබේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙකි

මෙම පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර ලූතිනන් කර්නල්වරයෙකු ලෙස යුද හමුදාවේ සේවයට බැඳී ඇති අතර පසුව ඔහුගේ පියා මැදිහත් වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කරවා ගෙන ඇතැයිද පොලිසිය පවසයි .

පසුව සැකකරු සිය යතුරු පැදිය භාවිතා කරමින් හුදකලා මාර්ගවල ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑමේ ජාවාරමක නිරතව ඇතැයිද පොලිසිය පවසයි.

එසේ කොල්ල කන රන් භාණ්ඩ අතුරුගිරිය මහරගම හෝමාගම නුගේගොඩ ඇතුළු ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානවලට උකස් කර ඉන් උපයා ගන්නා මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇතැයිද පැවසේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී උකස්කර ලද රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

කොල්ලකෑම සඳහා භාවිතා කළ තුරු පැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට ගිනි තියලා

Admin

දුමින්ද,අමරවීර ඇතුළු ශ්‍රිනිප මංත්‍රී කණ්ඩායම හෙට අනුරාධපුරයේදී ගෝඨාගේ වේදිකාවට

colombotoday

අද සිට අඩුවන භාණ්ඩ 15 මිළ ගණන් මෙන්න

colombotoday

2020 රනිල් ජනපති කරන්න අරක්කු විකුණා අරමුදල් සොයයි !!

colombotoday

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

Admin