Colombo Today Local News

නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීම නතර කරන්නැයි යාපනය දිසාපතිගෙන් නියෝගයක්!

nagadeepaya 11

රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලිඛිතව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ ඊයේ (27 වැනිදා) පැවැසූහ.වැඩිදුරටත් කරුණු දැක්‌වූ නායක හිමියෝ උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බව කියා සිටිති.

යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදී යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවද උන්වහන්සේ පැවැසූහ.

කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.

දිවයින

Related posts

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday