Colombo Today Local News

පළාත් තුනක මහා නගර සංවර්ධනය ෆොන්සේකාට බාරයි.. 25 ඇමතිකමේ දිවුරයි

sarath_fonseka--621x414මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා 25 වනදා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම දීමට නියමිත බව වාර්තා‍ වේ. ෆොන්සේකා මහතා මෙසේ දිවුරුම් දෙනු ලබන්නේ ඌව, මධ්‍යම, උතුරු මැද හා සබරගමුව මහා නගර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් බවද සදහන් වේ.

ඔහුට අමාත්‍ය ධුරයක් පිරිනැමීම පිළිබඳව ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයිද සඳහන් වේ.

අංක එකතුව 09:

ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් සෑම එකක්ම පාහේ දෛව අංකය වන 09 ට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු ලෙස දිව්රුම් දීම සඳහා ඔහු යොදාගත්තේ පෙබරවාරි 09 වන දිනයි.

ඔහුගේ උපන් දිනය 18 දා වන අතර, එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහි යුධ ජයග්‍රහණය අත්කර ගත්තේද 18 (මැයි) දාය. ඔහු බන්ධනාගාරගත කල අවස්ථාවේ ඔහු ට හිමිවුයේ අංක 09යි.

එමෙන්ම 25/02/2016 දිනයේ සම්පූර්ණ එකතුව අංක 09 බැවින් එම දිනය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා යොදා ගැණෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

-Srilankanmirror

Related posts

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

Admin

මේ වසරේදී අලුතින් පූජා භූමි 26ක් ගැසට් කරන්න සැලසුම්

Admin

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

colombotoday

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday