Colombo Today Local News

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂිත බවය.

ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එක්ව මෙම නිවේදනය නිකුත් කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද අලුයම 2.39 ට මැග්නිටියුඩ් ඒකක 6.8 ක භු චලනයක් සිදුව තිබුණි.

Related posts

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday

ත්‍රිරෝද රථයක මිල ලක්ෂ අටයි, එයින් හාරලක්ෂ අසූදහසක්ම රජය බදු වශයෙන් අයකර ගන්නවා

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday