Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහිව විමර්ශනයක්

ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

එම විමර්ශනය ආයතන සංග්‍රහය යටතේ සිදුකරන ලෙසත්, එම නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මෙම මූලික විමර්ශනය සිදු කළ යුතු බවට ද ලේකම්වරයා ගේ ලිපියේ සඳහන් වන බව වාර්තාවේ.

පරීක්ෂණය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයාව සිට, අරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන සමන් දිසානායක මහතා හෝ සුදුසු නිලධාරියකු සහය ලබාගන්නා ලෙසත්, මෙම පරීක්ෂණය සිදු කර දින 45 ඇතුළත තමන් වෙත වාර්තාව ලබා දෙන ලෙසත් ලේකම් වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව ද පැවසේ.

Related posts

සමීක්ෂණ වාර්තාවලින් සිරස ඇද වැටෙද්දී LMRB සමීක්ෂණ ආයතනයට මහරජා තර්ජනය කරයි

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

21 සාකච්ඡා කිරීම ලබන සතියට කල් යයි

colombotoday

“ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුමෙන් හෙළිවූ කොටි ඔත්තුකරු පී රංජිත් යනු කවුද?

colombotoday