Colombo Today Local News

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

chili past 255

ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ‍්‍රලියානු රාජ්‍යය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

පුවත්පතේ සඳහන් පරිදි මෙසේ දැනුම් දීමට හේතුවී ඇත්තේ, මෙරට චිලී පේස්ට් නිෂ්පාදන ව්‍යාපාරිකයන් ඕස්ටේ‍්‍රලියාවට අපනයනය සඳහා චිලීපේස්ට් යොමුකර තිබිය දී එරට රාජ්‍ය විසින් කරන ලද සාම්පල් පරීක්ෂාවය.

සාම්පල් පරීක්ෂාවෙන් පසුව අපනයනයට යොමු කළ චිලී පේස්ට් තොග ඕස්ටේ‍්‍රලියාව විසින් නැවත මෙරටට හරවා එවීමට කටයුතු කර ඇත.

මේ තත්ත්වය චිලී පේස්ට් නිෂ්පාදකයන්ට මෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිරිස් පරිභෝජනයට ගන්නා මෙරට පාරිභෝගිකයන්ට ද බරපතළ අහිතකර තත්ත්වයකි.

ඕස්ටේ‍්‍රලියාව කරන ලද සාම්පල් පරීක්ෂණයේ දී ඔවුන් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අවශේෂ වැඩි ප‍්‍රමාණයක් චිලී පේස්ට්වල අඩංගු වී ඇති බවයි.

මෙරට පරිභෝජනය සඳහා දේශීය මිරිස් නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොමැති නිසා වියළි මිරිස් හා සකස් කරන ලද මිරිස් කුඩු තොග වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

තහනම් කළ කෘෂිනාශක :

මිරිස් නිෂ්පාදනය සඳහා මෙරට තහනම් කළ කෘෂිනාශක, වල් නාශක ඉන්දියාව තවමත් භාවිත කරයි.

පිළිකාකාරක සහිත එම කෘෂිරසායන (ග්ලයිෆොසෙට්, ෆර්නිල්, කාබොෆියුරාන්, ක්ලෝරෝපයිරිෆෝස්, ඔගෙෆාපොස්පේට්, කාබමේට්) යොදන වියළි මිරිස් මෙරට පාරිභෝගික ජනතාව තවමත් පරිභෝනය කරන අතර මෙම අනතුරු දායක තත්ත්වය මඟහරවා ලීමට වගකිව යුතු අංශ මැදිහත් වී නැත.

ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මෙරට නිෂ්පාදිත චිලී පේස්ට් ආනයනය තහනම් කිරීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර අංශ ප‍්‍රධානී ආචාර්ය කේ.එච්.සාරානන්ද මහතාගෙන් කළ විමසීමක දී ආනයනය කරනු ලබන වියළි මිරිස් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට මත්තෙන් විධිමත් තත්ත්වය පරීක්ෂාවට ලක් කර පාරිභෝගිකයන්ට ලබාදිය යුතු බවද අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන් ආහාරයට ගන්නා වියළි මිරිස්වල විෂ සහිත රසායනික අඩංගු බවත් ඒවා මිනිස් පරිභෝජනයට නුදුසුදු බවත් ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මුල්වරට මෙරට බලධාරීන්ට දැනුම් දී ඇත්තේ මීට වසර හතරකට ඉහත දීය.

එතැන් සිට ශ‍්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන චිලී පේස්ට් ආහාරයට නොගන්නා ලෙස ඕස්ටේ‍්‍රලියානු රජය එරට ජනතාවට දැනුම් දී ඇත.

Related posts

මුව ආවරණ, මීටරේ දුර කොරෝනා නීති පාර්ලිමේන්තුවට අදාල නෑ..- සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

colombotoday

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

colombotoday

ඇල්බීසියා ලීයක් කැඩෙනකම් ගැහුවා.. හාමුදුරුවෝ වැන්ද ගහන්න එපා කියලා. | මසුන් මැරීම අකුසලයක් බව දෙසූ හිමිසඳ ඝාතනය කළ මොහොතේ මවක් දුටු සංවේදී සිදු වීම.

colombotoday

අමෙරිකාවේ එන්නත් රැගත් ගුවන්යානය දිවයිනට

colombotoday

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න. ලිපියකට විපක්ෂ මන්ත්‍රීවරු 5කුත් අත්සන් තබයි.

colombotoday