Colombo Today Local News

“බොරු සංහිදියාව වෙනුවට සැබෑ සංහිදියාවක්… බොදු බල සේනාව අලුත් ගමනක !

පවතින තත්තවය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

16 ඔක්තෝබර් 2017
බොදු බල සේනා ඉදිරි මග

2013 දී පෝය දෙකකට වඩා බොදු බල සේනාව නොපවතින බවට අනතුරු හැඟවූවද හා බොහෝ දෙනාට එසේ සිතන්නට හේතු ඇතිවුවද බොදු බල සේනාව සිය වසර 5ක ආයුකාලය තුල විවිධ ජයග්‍රහණ හා පරාජයන් ලබා ගනිමින් කල බව සත්‍යයයි. අප සංවිධානය අභ්‍යන්තරයට පසු කාලීනව සම්බන්ද වී අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරිම ඇතුළු විවිධ කුමන්ත්‍රණ , සමබන්ද වූ සමහරුන්ගේ අභිලාශ ඉටු නොවීම, සැකයෙන් යුක්ත වීම මෙන්ම අපගේ තීරණ හා ක්‍රියාකාරකම් නිසාද, යන අනෙක විධි හේතු නිසා අප දුර්වල වූ අවස්ථා ඇති වුවද අපගේ අවංක කැප වීම හා උපායමාර්ග නිසා සමහරු අපේක්ෂා කල බොදු බල සේනා ගමනක අවසානය සිහිනයක් පමණක් විය. සිංහල බෞද්ධයා ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම යන ඒකායන අභිමතාර්ථයෙන් කටයුතු කල අපගේ ගමනට ඇති වූ හා ඇති කල බාධා විවිධාකාර වුව ද ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටීමට හා නැගී සිටීමට අපට හැකි විය.

සිරගත කිරිම, නායකයින් සංවිධානයෙන් ඉවත්කිරීමට බලපෑම් කිරිම, ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ මාධ්‍ය හා දේශපාලන මෙහෙයුම්, නායකයින්ගේ ආර්ථිකයට හා රැකියා වලට බලපෑම කිරීම , මඩ ගැසීම, මුල්‍ය මාර්ග අවහිර කිරීම ආදී වූ විවිධ තත්ව යටතේ අප තවදුරටත් අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක කළෙමු. කරමින් සිටිමු. බොදු බල සේනාව ප්‍රචණ්ඩත්වයට සමබන්ද කිරීමට බොහෝ පාර්ශවයන් කටයුතු කලද අප කිසිවිටකත් ප්‍රචණ්ඩත්වය ගැටළු විසදීමේ ක්‍රමවේදයක් ලෙස පිළිනොගන්නා වූ එහෙත් සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී අරගල පිලිබඳ විශ්වාසය පල කරන ආයතනයකි. බෞද්ධයින් ලෙස අප විශවාස කරන්නේ සාකච්ජාවෙන් හා සම්මුතියෙන් අර්බුද හා ගැටළු විසදිය යුතු බවය.

බොදු බල සේනාව විරුද්ධ වාදීන් හෝ සතුරා ලෙස යමෙක් හඳුනාගෙන ඔවුන් භේද භින්න කිරීම හා ඒ තුලින් ඔවුන් දුර්වල කර සිය ජයග්‍රහණය අපේක්ෂා කරන ආයතනයක් හෝ ජාලයක් නොවේ. අප උත්සහා කරන්නේ හා විශ්වාස කරන්නේ අපගේ ආරක්ෂාව හා ශක්තිය වර්ධනය කොට ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ සාධනීය ප්‍රවේශයයි.

70 වසරක නිදහසෙන් පසු යුගය අප ශාපලත් යුගයක් ලෙස දකින අපි පසුගිය 70 වසර තුල ලැබූ පරාජයන් ජයග්‍රහණයන්ට වඩා වැඩි බව විශ්වාස කරමු. ප්‍රචන්ඩකාරී ගැටුම් සහිත දුර්වල වූ රටක සිංහල බෞද්ධයාගේ ශක්තිමත් වීම යනු විහිළුවකි. වසර 5කින් හෝ 10 කින් මේ රට දියුණු රටක් බවට පත් කිරීමට විභවයක් පැහැදිලිව විශ්වාස කරන බොදු බල සේනාව ඉදිරි වසර 5 තුල “දියුණු රටක් යන දැක්ම” තුල “සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව හා ශක්තිමත් බව ඇති කිරීමට” කටයුතු කල යුතු බව 2017 අපගේ 5 අවුරුදු වර්ෂපුර්ණ උපායමාර්ගික අරමුණු සකස් කිරීමේදී තීරණය කරන ලදී. ඒ අනුව “එක් රටක් හා එක් නීතියක් ” යන පදනම තුල බෞද්ධ ශාසනයේ ආරක්ෂාව පිලිබඳ පෙනී සිටිමින් කටයුතු කල යුතු බවත් ආර්ථික සංවර්ධනයට සාමය හා සංහිඳියාව අත්‍යවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ගැටුම්වලට , අරගල වලට සම්බන්ද පාර්ශවයන් අනිවාර්යයෙන්ම සහභාගී කර ගතයුතු බවත් සියලු පාර්ශවයන් සංවර්ධනයට මෙන්ම සාමය හා සංහිඳියාවට සහභාගී විය යුතු බවත් පිළිගෙන කටයුතු කරමින් සිටිමු.

මේ තත්වය තුල සිය මතය ජයග්‍රහණය කරවීම හා අන්‍ය මත ගරු කිරීම හා ඉවසීම පිලිබඳ සියලු දෙනාට ඇති අයිතිය හා වගකීම පිළිගනිමින් පොදු එකඟතාවයන් ඇති කර ගැනීමට අප කටයුතු කරමින් සිටිමු. ඒ අනුව විවිධ ප්‍රතිවිරුද්ධ මත දරණ කණ්ඩායම් සමග විවිධ මට්ටම් වලින් සාකච්ජා සිදුකරමින් සිටින අතර එම සාකච්චා පිලිබඳ තත්වයන් සතිපතා අපගේ මාධ්‍ය හමු මගින්, විශේෂ ප්‍රසිද්ධ හමුවීම් මගින් හෝ අපගේ නිල සමාජජාල පිටුවේ පල කරනු ලබන විශේෂ නිවේදන මගින් දැනුවත් කිරීමට කටයුතු කරන බව දැනුම් දෙමු. මෙම සාකච්ජා සාර්ථක වන තුරු පවත්වන සාකච්ජා පිලිබඳ ඉවසීමකින් යුතුව කටයුතු කරන ලෙස මාධ්‍ය ඇතුළු සියලු පාර්ශව වෙත දැනුම් දෙමු. මෙය Breaking News මානසිකත්වයෙන් මිදී මාධ්‍ය තරඟයකට ලක් නොවී රටේ අභිවෘද්ධිය උදෙසා කලයුතු සාධනීය වාර්තාකරණයක් ලෙස තේරුම් ගන්නා ලෙස දැනුම් දෙමු.

අපගේ මානසිකත්වය හා උත්සාහය පසුගියදා ජනාධිපතිවරයාගෙන් සාකච්ජාවකට අවස්ථාව ඉල්ලා කරන ලද ලිපියෙන් පැහැදිලි වනු ඇත.

https://m.facebook.com/story.php?story_fbid=1584243308262357&id=774472799239416

යම් හදිසි පැහැදිලිකර ගැනීමකට 0773218677 විමසන්න.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

ලාභ ලබන “ලංකා මිනරල් සෑන්ඩ්ස්”, “පරන්තන් කෙමිකල්ස්” බදුර්දීන්ගේ ගෝලයෙකුට විකුණා දැමේ !

colombotoday

සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය

Admin

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday

මිලියන 50ක කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් මතුවෙයි.

colombotoday