Colombo Today Local News

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

අයවැය තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆික් මහතා එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි එහි මහලේකම් නිසාන් කාරියප්පර් මහතා පවසයි.

එසේම මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක්ද පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

අයවැය දෙවැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් එම පක්ෂයේ දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් කරනු ලැබූහ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆික් මහතාගෙන් පවසා සිටින්නේ, පක්ෂයේ ලේකම්වරයා තමා සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කර තිබෙනු තමා දුටු බවයි.

Related posts

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

colombotoday

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin

අපි ‘Adult’s only‘ පෙන්වන්නේ ලෝක සම්මතයන් අනුවයි.. සතුටුවන්න, වෙනස විදගන්න“ – ITN සභාපති

colombotoday