Colombo Today Local News

බැඳුම්කර මගඩිය තහවුරුයි.. අර්ජුන් මහේන්ද්‍රන් ආයෙත් එපා, විගණකාධිපති නිර්දේශ කරයි.. කෝප් වාර්තාව එනතුරු අගමැති කල්මරයි

bond suda112

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී බරපතල අක්‍රමිකතාවක් සිදුවී ඇති බව පාර්ලිමේන්තු කෝප් කමිටුව වෙත ඊයේ (29)ලබාදුන් විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් හෙළිවන බවත්, අර්ජුන් මහෙන්ද්‍රන් යළි මහබැංකු අධිපති ධුරයට පත් නොකරන ලෙස එමගින් නිර්දේශ කර ඇති බවත් විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. බැදුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදුව ඇතිබවට තහවුරු වී ඇති බව අදාළ වාර්තාව මගින් හෙළිදරව්වී ඇති බව කෝප් කමිටු සාමාජිකයෙන් පැවසූ බව ජාතික පුවත්පතක් විසින්ද වාර්තා කර තිබිණි.

අදාළ විගණකාධිපති වාර්තාව පිටු 1,582කින් සමන්විත බවද පැවසෙන අතර එහි සදහන් නිර්දේශ මාධ්‍ය වෙත හෙළි නොකිරීමට කෝප් කමිටුවේ සියළු සාමාජිකයන් ඊයේ පැවති රැස්වීම අවසානයේදී තීරණය කර ඇත.

විගණකාධිපති වාර්තාවේ සංක්ෂිප්ත පිටපතක් සෑම කෝප් කමිටු සාමාජිකයෙකුටම ලබා දී ඇති අතර එය අධ්‍යනය කිරීම සදහා සාමාජිකයන් විසින් දින කිහිපයක් කල් ඉල්ලා ඇත. ඒ අනුව ජූලි 05 වනදා කමිටුව යළි රැස්වී විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබදව නිගමනයකට එළඹීමට නියමිතය.

ඉදිරි පැය කිහිපය ඇතුළත නව මහබැංකු අධිපතිවරයෙකු පත්කරන බවට ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණු නමුත්, නව මහබැංකු අධිපතිවරයා කවුදැයි මේවන තෙක් නිවේදනය කර නැති අතර ඊයේ පස්වරුවේ අගමැතිවරයාද සමග මහබැංකු මූලස්ථානයට ගිය ජනාධිපතිවරයා මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත විය.

අර්ජුන් මහෙන්ද්‍රන් නැවත මහබැංකු අධිපති ධුරය සදහා පත්කිරීමේ සටන අගමැතිවරයා විසින් අවසාන මොහොත දක්වාම අතහැර නොමැති අතර කෝප් කමිටු වාර්තාව නිකුත් වනතුරු තාවකාලිකව රාජ්‍ය නිලධාරියෙක් මහබැංකු අධිපති ධුරය සදහා පත් කිරීමට යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද එකගත්වය පළකර ඇති බව ආරංචි මාර්ග සදහන් කරන අතර මේවනව විට චීනයේ සංචාරයක නිරතව සිටින මුදල් ඇමති රවී කරුණානායක දිවයිනට පැමිණීමේන පසුව ඔහු සහා ඇමති මලික් සමරවික්‍රම සමග සාකච්ඡා කරන තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

 

Related posts

සෑම දිස්ත්‍රික්කයකම ආදර්ශ කෘෂි ගම්මානයක්

colombotoday

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

Admin

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday