Colombo Today Local News

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

යාපනය,මඩම විදිය ප්‍රදේශයේ ඇළක මසුන් ඇල්ලීමට ගිය දරුවන් පිරිසකට, මොටාර් උණ්ඩයක් හමුවී ඇත.

ඊයේ(12)දින දරුවන් මසුන් අල්ලමින් සිටින අවස්ථාවේ බරැති ද්‍රව්‍යයක් හමුව ඇති බවත්, අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර යුධ සමයේ කිසියම් පිරිසක් ඇළට දමන ලද මෝටාර් උණ්ඩයක් එලෙස හමුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ බෝම්බය නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

Related posts

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

බදියුදීන් අයිය මලෝගේ ජාවාරමෙන් ලංකාවේ ගම්මිරිස් කර්මාන්තය හාන්සියි…

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday