Colombo Today Local News

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

මහකන්නය සඳහා කාබනික පොහොර බෙදා හැරිම අද (13)දින සිට ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.

මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොර එලෙස බෙදා හරින බවය ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කරයි.

දිවයිනපුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත එම කාබනික පොහොර බෙදා හරිනු ඇති.

කාබනික දියර පොහොර දේශිය නිෂ්පාදකයින්ගෙන් මිලදි ගත් බව ද ඔහු සඳහන් කරයි.

ඊට අමතරව ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කරගෙන ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ අතර කේ.සි.එල්. කාබනික පොහොර ද ගොවීන්ට ලබාදීමට නියමිතය.

Related posts

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

සුජීවට කෝටි 3 ක්… ෆොන්සේකාට ලක්ෂ 15ක්… බැදුම්කර සන්තෝෂ‍මේ තවත් රහස් එළියට

colombotoday

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin

කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

Admin

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday