Colombo Today Local News

ඉන්දීය යුද හමුදා ප්‍රධානි අද ජනපති හමුවෙයි

සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13)දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා මනෝජ් මකුන්ද් නාරාවන මහතා ඊයේ (12)දින දිවයිනට පැමිණියේය.

අද උදෑසන 11.30ට ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ.

ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් නාරාවන මහතා එළඹෙන හෙට (14) සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයට සහභාගී වීමට ද නියමිතව තිබේ.

Related posts

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin

ගස් හිටවන්න බෑ… අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

colombotoday

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday