Colombo Today Local News

රටෙන් භාගයක ජනතාවක් නැවතත් දුගී භාවයට පත්වීමේ අවදානමක්! – ලෝක බැංකුව අනතුරු අගවයි

world bank 458

නැති බැරිකම අඩු කරගැනීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන ඇතත් රටේ ජනතාවගෙන් බාගයකට ආසන්න පිරිසක් නැවතත් දරිද්‍රතාව වෙත ඇද වැටීමේ බරපතල අවදානමක් ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

සමස්ත ජනගහණයෙන් සියයට හතකට අඩු පිරිසකට දුගී බව සීමා කරගනිමින් කර ගනිමින්, ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ලෝක බැංකුව විසින් හඳුන්වා ඇත්තේ ‘දිරි එලවන සුළු’ එකක් ලෙසිනි.

එසේ වෙතත්, ජනතාවගෙන් සියයට හතලිහක ප්‍රතිශතයක් මුහුණ පා සිටින්නේ සිටින්නේ යළි දරිද්‍රතාව වෙත ඇදවැටීමේ බරපතල අවදානමකට බවයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා දුගී දුප්පත්කම පිළිබඳව සිදුකෙරුණු අලුත්ම පර්යේෂණයේ ප්‍රතිපල එලි දක්වමින් ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ.

එම අවදානමට මුහුණ දී සිටින ලාංකිකයන්ගේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් 225ක බව බත්තරමුල්ල, ජනකලාකේන්ද්‍රයේ ‘අපේගම’ පරිශ්‍රයේදී 15 අඟහරුවාදා එලි දැක්වුණු ලෝක බැංකු වාර්තාවේ දැක්වේ.

කෙසේ වුවද රට අත්කරගෙන ඇති ප්‍රගතිය රඳාපවත්වා ගන්නට නම් පොදු සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ ආර්ථික අන්තර්කරණ අභියෝග සමඟ දිගින් දිගටම ‘පොරබැදිය’ යුතු බව ලෝක බැංකුවේ පිළිගැනීමයි.

එහිදී ‘පාලනයේ උදාසීන භාවය’ අදායම් ඉපයීමටත් පලදායී ලෙස වියදම් කිරීමටත් රාජ්‍යයට ඇති හැකියාවට බාධා පමුණුවා ඇති බව පවසන අතරේම ලෝක බැංකුව පවසන්නේ බැංකු ක්ෂේත්‍රය ඇතුලු ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර වල රාජ්‍ය අංශයේ බලපැවැත්ම ගැටළු සහගත බවයි.

එසේම, මැදි ආදයම් රටක් ලෙස දශක ගණනාවක් පුරා දේශීයව වෙසෙන කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය, සැළකිය යුතු පමණින් ශ්‍රම වෙළෙඳපොලට ලැබී නැතැයි ලෝක බැංකු වාර්තාව පවසයි.

‘‘අපේ මෙම අලුත් වාර්තාවේ ඇති, දත්ත-සංඛ්‍යාලේඛන මත පදනම් වුණු සාක්ෂි සහ විශ්ලේෂණ අපට සුවිශේෂ වේදිකාවක් හදල දිලා තියෙනවා, ආණ්ඩුව හා අප අතර ඇති සහජීවනය මත පදනම්ව, සංවර්ධනයේ තිරසාරභාවය පවත්වා ගනිමින්, දුගී භාවයේ සිටින අයට රැකියා අවස්ථා උත්පාද කර ගන්නත්, ජනතාව අතර සිටින අවවරප්‍රසාදිත කණ්ඩායම් වලට සහන සැලසීමටත් අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර ගන්න’’ යනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු භාර අධ්‍යක්ෂවරිය ෆ්‍රොන්සුවාස් ක්ලොත් ( Françoise Clottes ) ශ්‍රී ලංකා රජයට යෝජනා කළාය.

ඒ ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා දිය යුතු බවයි අගමැතිවරයා ඉල්ලා සිටියේ.

රැකියා වැඩිකොට දරිද්‍රතාව අවම කිරීම සඳහා “ආයෝජන සඳහා අවශ්‍ය ඉඩ සලසා දෙන අතරේම ගෝලීය වෙළෙඳපලේ සාර්ථක ලෙසින් තරග වැදීම සඳහා අපේ හැකියාව වර්ධනය කර ගැනීම අවශ්‍ය වී තිබේ,” යි අගමැති රනිල් වික්‍රමසිංහ ලෝක බැංකු වාර්තාවෙන් එළිවෙන දෑ අනුමත කරමින් ප්‍රකාශ කළේය.

– radiogagana

Related posts

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ විඩියෝ දර්ශන ලබා ගත් බංගලියා මාට්ටු

colombotoday

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නෑ – ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න

colombotoday

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා බිදදැමීම පිටුපස ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ බළකායක් ?

colombotoday

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

colombotoday

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

colombotoday