Colombo Today Local News

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම කිසිසේත් සුදුසු නැහැ – අස්ගිරි මහාවිහාර පාර්ශවය

sri dalada maligawa 55451

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘති කිරීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බව අස්ගිරි මහාවිහාර පාර්ශවය පවසයි. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය මීට පෙර රජයට දැනුම් දී ඇති බවයි.

ලෝකයේ වෙනත් රටවල පූජනීය ස්‌ථාන අසලට රථ වාහන ධාවනය වන්නේ නැහැ. අපේ ශ්‍රී දළදා මාලිගාවද ඒ ආකාරයෙන් ආරක්ෂාව සහ ගෞරවය ආරක්‍ෂා විය යුතු බව සදහන් කරමින් මෙම මාර්ගය විවෘති කිරීම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ හිටපු මහානාහිමියන් වන අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත මහානාහිමියන්ද අපවත් විමට ටික දිනකට පෙර විරෝධය පලකර සිටියා.

මෙම මාර්ගය විවෘත කිරීමට මුලසිටම විරුද්ධ විම හේතුවෙන් අස්ගිරි පාර්ශවයට ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරන බවද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයද තමන් දරන මතය දැරුවද ඒ පිළිබඳ නිහඩ පිලිවෙතක් අනුගමනය කරන බවද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Related posts

සුදා අත්අඩංගුවට

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin

දේශපාලන පෙරළියක් සූදානම්.. කළකිරුණු ශ්‍රීලනිප ඇමතිලා 6ක් විපක්ෂයට !!

colombotoday

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday