Colombo Today Local News

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ විඩියෝ දර්ශන ලබා ගත් බංගලියා මාට්ටු

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව දාළදා මාලිගාවේ පොලිස් ඒකකය කියයි.

මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව ජනාධිපති මන්ධිරයද පිහිටා තිබේ.

ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ලබා ගත් බව ය.

සැකකරු සතු ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරතකනයක් සමග කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලීසිය බාරයට ගෙන ඇත.

Related posts

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

Admin

අද සිට දින හතරක විදුලි කප්පාදුවක්

colombotoday