Colombo Today Local News

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අකිල සාලියගේ බලන්ගොඩ නිවසේදී අතුරුදන්

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ ආරක්ෂක නිළධාරියෙකුට අයත් සේවා අවිය (පිස්තෝලය) අස්ථාන ගත වි ඇති බවට එම ආරක්ෂක නිළධාරියා විසින් අද (14)දින බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ප්‍රභු ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කරන එම නිළධාරියා එම ගිනි අවිය බෑගයක දමා අකිල සාලිය එල්ලාවල මහතාගේ බලන්ගොඩ පිහිටි නිවසේ ආරක්ෂක අංශයට අයත් කාමරයක තබා මීට දින කිහිපයකට පෙර නිවාඩු ගොස් ඇතැයි පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පවසයි.

නැවත සේවයට පැමිණ ගිනිඅවිය ගැනිමට යෑමේදි එම ගිනි අවිය නොමැති බැවින් මේ සමිබන්දයෙන් බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පුෂ්පකුමාර ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ සිදු කරති.

Related posts

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අදයි…

colombotoday

කොරෝනා මෘතදේහ භූමදානයට හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කරලා

colombotoday

ලොව දිනුවානම් ප්‍රතිලාභ කෝ? විදේශ ආයෝජන නෑ.. අපනයන ආදායම කඩා වැටිල.. පම්පෝරිය විතරයි

colombotoday

අන්තරේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin