Colombo Today Local News

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සැමරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව සඳහන් කළේය.

Related posts

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

colombotoday

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කෑ හොරු අල්ලයි

Admin