Colombo Today Local News

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා බිදදැමීම පිටුපස ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ බළකායක් ?

ත්‍රීකුණාමලයේ තැන් කිහිපයකදී පසුගියදා බුදු පිළිම වහන්සේලා කඩා බිද දමා කළුතෙල් වත් කිරීම පිටුපස සිටින්නේ දකුණේ කණ්ඩායමක් යැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව එජාපයට හිතවත් ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

භික්ෂූන් වහන්සේලාගෙන් සහ අදාළ ප්‍රදේශවාසීන්ගෙන් ලත් පැමිණිළි අනුව අදාළ සිදුවීම් පිළිබදව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කරන ලද විමර්ෂණයකදී මේ බව අනාවරණය කරගෙන තිබෙන බව එම වෙබ් අඩවිය පවසයි.

ඉකුත් ජනවාරි 7 වනදා අළුයම ත්‍රිකුණාමලය, උප්පුවේලි, වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප්‍රදේශවල බෝ ගස් සහ මංසන්ධි ආශ්‍රිතව තිබූ කුඩා බුදු පිළිම කිහිපයක් කඩා බිඳ දමා තිබූ අතර ඇතැම් ඒවාට කළු තෙල් ප්‍රහාර එල්ල කර තිබිණි. කළු තෙල් ප්‍රහාර පිළිබඳව පොලිස් කණ්ඩායම කරන ලද විමර්ශනයක දී හෙළි වී ඇත්තේ එම ප්‍රහාර එල්ල කර ඇත්තේ අදාළ සිදුවීම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා සැලසුම් සහගතව බවය.

මෙම කණ්ඩායමට මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ 2020 ජනාධිපති සිහිනයක පසුවන සිංහල බෞද්ධත්වය ඇපයට තබමින් දේශපාලනය කරනා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු බව හෙළිවී ඇති අතර එම අමාත්‍යවරයාගේ බලපෑම් මත ඉදිරි පරීක්ෂණ යට ගැසෙනු ඇති බවයි පැවසෙන්නේ. එම කණ්ඩායම මේ වන විටිත් 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් සිංහල බෞද්ධ මතවාදය අදාළ ඇමතිවරයා වටා ගොණු කිරීම සදහා පූර්ව ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින බවද පැවසෙයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම ඔස්සේ ඇමතිවරයාගේ මෙම කණ්ඩායම වෙත දෙස් විදෙස් ජාතිකවාදී පිරිස්වල අවධානය යොමු කර ගැනීමට ඔවුන් ක්‍රියාත්මක කළ සැලසුම, වෙනත් සංවිධානයක මැදිහත්වීම නිසා ව්‍යර්ථ වී ගොස් ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30යි…   ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි (Video)

colombotoday

බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

Admin

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

අද උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක – අව් රශ්මියෙන් වැළකෙන්න සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

Admin

ජූලි මාසේ විදුලි බිල වෙනස් වෙයි

Admin

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday