Colombo Today Local News

ජනපති පෞද්ගලික මුදලින් පාර්ලිමේන්තුවට ගෘහ භාණ්ඩ පරිත්‍යාග කළා

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ දිරාපත් වී තිබූ හෙයින් වත්මන් ජනාධිපතිවරයා පෞද්ගලික මුදලින් එම ගෘහ භාණ්ඩ ලබාගෙන පාර්ලිමේන්තුවට එය පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට මෙට්ට සහ ගෘහ භාණ්ඩ ගෙනැවිත් ඇතැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් දොලවත්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිට අගමැතිට මෙන්ම විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ විවේක ගැනීමට ඔවුන්ගේ කාර්යාල කාමර වල ඇඳක් හාන්සි පුටුවක් ආදිය තිබෙන බව කී දොලවත්ත මහතා ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ කාලයක් තිස්සේ පාවිච්චි කිරීම නිසා දිරාපත් වී ඇතැයි දැනගන්නට ලැබී රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික මුදලින් ඒවා ලබා ගන්නට කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.

Related posts

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

colombotoday

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

colombotoday

‘මංතීරු පුවරු දෙමළෙන් නොදැම්මොත් පොලීසියට නඩු” – ජාතික සංවාද අමාත්‍යාංශය දන්වයි

colombotoday

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

Admin

අද ගාලුමුවදොර උද්ඝෝෂණයේ පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්

colombotoday