Colombo Today Local News

සේවකයෝ කුඩු නැතුව පොහොර පටවන්න බෑ කියයි

කුඩු (හෙරොයින්)මත්ද්‍රව්‍ය නොමැතිකමින් කම්කරුවන් පොහොර ලොරි වලට පැටවීමේ වැඩ සඳහා එන්නේ නැතැයි කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

වත්තල පිහිටි රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම් හරහා මේ දිනවල පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන අතර එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සභාපතිවරුන් මේ කාරණය ඇමතිවරයාට දැනුම් දී තිබේ.

කම්කරු හිඟය නිසා පොහොර බෙදාහැරීමේ කටයුතු වලට බාධා සිදුව ඇතැයි ද පොහොර සමාගම් සභාපතිවරුන් ඇමැතිවරයාට පවසා ඇත.

මෙහිදී අමාත්‍යවරයා සදහන් කර අත්තේ කම්කරුවන් සඳහා කුඩු ලබාදීමට අමාත්‍යාංශයට හැකියාවක් නැති හෙයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමෙි කටයුතු සිදු කරන බවයි.

ඒ සඳහා වැය වන සියලු මුදල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.

Related posts

Passport Index ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව 83 වෙනි තැනට – වීසා නැතුව යන්න පුළුවන් රටවල් 12ක්

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි. – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

colombotoday

“සුව සැරිය” ගිලන් රථ සේවය පුළුල් කෙරේ.. ගිලන්රථ 209 අලුතින් එක්වේ

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක

Admin

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

colombotoday