Colombo Today Local News

Passport Index ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව 83 වෙනි තැනට – වීසා නැතුව යන්න පුළුවන් රටවල් 12ක්

ලොව පුරා භාවිතා වන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම අනුව එක් එක් රටෙහි ගමන් බලපත්‍රය කොතරම් බලසම්පන්න දැයි කියනු ලැබේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 83 වැනි තැන වන අතර වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 12කට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් ඇතුල් වීමට අවස්ථාව ලැබෙන අතර Visa On Arrival පහසුකම යටතේ රටවල් 37කට යාමේ අවස්ථාව ඊට හිමිවේ.

ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් දරන්නෙකුට ලොව රටවල් 147කට ඇතුල් වීම සඳහා පූර්ව වීසා ලබා ගැනීම අනිවාර්යය වේ.

Passport Index වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් විය හැකි රටවල් පහත පරිදි වේ.

  1. Bahamas
  2. Barbados
  3. Dominica
  4. Gambia
  5. Grenada
  6. Haiti
  7. Lesotho
  8. Saint Kitts and Nevis
  9. Singapore
  10. St. Vincent and the Grenadines
  11. Tajikistan
  12. Venezuela

මේ අතර ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන තවත් අයතනයක් වන Henley & Partners Holdings Ltd විසින් එළිදක්වා ඇති The Henley Passport Index: Q2 2022 Global Ranking ට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 1‍03 වැනි තැනයි.

අද වන විට ලොව බලගතුම ගමන් බලපත්‍රය ලෙස සැලකෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගමන් බලපත්‍රය වන අතර එය දරන්නෙකුට වීසා රහිතව (Visa Free) රටවල් 115 කට ඇතුල් විය හැකිය.

Related posts

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි

colombotoday

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

“මුදල් ඇමතිගේ ප්‍රකාශ බොරු.. අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බදු ගෙවන්න වෙලා” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් පනස් තුන් ලක්ෂය ඉක්මවයි

colombotoday