Colombo Today Local News

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 532 ක් අද (28)දින මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් විනාශකරනු ලැබීය.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව එලෙස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබූ වියළි කහ තොග විනාශ කිරීම ආරම්භ කෙරිණි.

මන්නාරම නගර සභාවට අයත් අපද්‍රව්‍ය පිරිපහදු කරනස්ථානයේදී මෙම කහතොගය විනාශකරනු ලැබූ අතර එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවද මන්නාරම පොලිසිය සඳහන් කළේය.

පසුගිය 20 වැනිදා මන්නාරම නගරයේදී ඉන්දියාවේ සිට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා මෙම කහ තොගය සූදානම්කොට තිබියදී අත්අඩංගුවටගෙන තිබිණ.

Related posts

මහින්දට එක්වෙනවානම් මෛත්‍රී අතහැර එන්නැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වයි

colombotoday

රුපියල කඩා වැටෙයි…

Admin

ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසුයි.. සාරිය ගලවන්න ස්ටාලින්ට අයිතියක් නැහැ.

Admin

බුලත් කොරටුවේ වැවූ ගංජා මාට්ටු

Admin

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

colombotoday

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday