Colombo Today Local News

ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසුයි.. සාරිය ගලවන්න ස්ටාලින්ට අයිතියක් නැහැ.

ගුරුවරියන්ට සැහැල්ලු ඇඳුමක් ලබා දීමට උත්සාහ කරන ජෝශප් ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසු බව ඉදිරියේදී ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසයි.

ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට ජෝශප් ස්ටාලින්ට අයිතියක් නැහැ. ඊට විරෝධය පළ කරලා අපි අධ්‍යාපන ඇමැතිට, ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ යන විදියට ගිහිං තව ටික දවසකින් ගුරුවරුන්ටත් සැහැල්ලු ඇඳුමක් ඕනෑ කියලා ජෝශප්ලා අමුඩයක් ඇඳගෙන පාසල් එන්න ඕනෑ කියයිද දන්නෑ. ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ විෂය මාලාව ක්‍රමවත් කිරීම සම්බන්ධව ගුණාත්මක අධ්‍යාපන වැඩපිළිවෙළක් බිහි කිරීමට ඉල්ලීම් කළ යුතු මොහොතක, ජෝශප්ලා මේ රෙද්දක් අල්ලගෙන දඟලන්නේ කුමන මගඩියකට දැයි සිතා බැලිය යුතුයි ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

කොරෝනා වැළදුණු චීන කත නගර 9ක සංචාරය කරලා !

colombotoday